දේශීය

ඒඩ්ස් රෝගයෙන් මියයන සංඛ්‍යාව ඉහළට

ඒඩ්ස් රෝගය හේතුවෙන් මියයන සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින බව එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් රෝගය පිළිබඳ ඒකාබද්ධ වැඩසටහන පවසයි.

එම වැඩසටහන පසුගියදා දකුණු අප්‍රිකාවේදී නිකුත් කළ 2019 වසරේ ඒඩ්ස් රෝගය සම්බන්ධ ගෝලීය වාර්තාවකින් ඒ බව හෙළි විය.

ඒ අනුව පසුගිය වසරේ ගෝලීය වශයෙන් ඒඩ්ස් රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව හත් ලක්ෂ හැත්තෑ දහසක්.

ලබන වසරේ එම සංඛ්‍යාව ලක්ෂ 5ක් දක්වා අඩු කර ගැනීම ඉලක්කය වී ඇත.

එහෙත් එම ඉලක්කය ඉටු කිරීමට නොහැකි වනු ඇති බව පැවසේ.

මේ වනවිට ඒඩ්ස් රෝගයට ගොදුරු වන සංඛ්‍යාව අවම කිරීම, ප්‍රතිකාර කිරීමේ අනුපාතය වැඩි කිරීම හා මියයන අනුපාතය අඩු කිරීම යන කරුණු මන්දගාමී බව ද එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් රෝගය පිළිබඳ ඒකාබද්ධ වැඩසටහන පෙන්වා දේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button