ක්‍රීඩා

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ පළමු වටයේ ජය ලංකාවට – තර්ජිනිගෙන් වාර්තාවක්

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේදී පසුගියදා (15) දිනයේදී සිංගප්පූරුව 88-50ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සිය තරඟ වටය ජයග්‍රහණය කරන්නට සමත් වුණා.

15 වන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය ජූලි 12 සිට 21 දක්වා ලිවර්පූල් හිදී පැවැත්වෙනවා.

එම තරඟ වටයේදී ආසියාවේ උසම දැල්පන්දු ක්‍රීඩිකාව වන තර්ජිනි සිවලිංගම් ගෝල 76ක් රැස්කරමින් ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ පෞද්ගලික වාර්තාවක් තැබීමට ද සමත්වීම සුවිශේෂීත්වයක්.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේදී ඕස්ට්‍රේලියාව, උතුරු අයර්ලන්තය සහ සිම්බාබ්වේ කණ්ඩායම් සමඟ තරඟ වැදීමට නියමිතයි.

සිංගප්පූරුව සමග පැවති කණ්ඩායම් තරඟය ජයගැනීමත් සමඟ ”ඒ” කාණ්ඩයට ඇතුළත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවන වටයට පිවිසීමේ අවස්ථාව ඒ අනුව හිමි වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button