දේශපාලන

“කොන්ද පණ තියෙනවනම් ඇත්ත කියන්න”

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැමිණ එම ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු නිර්භීතව ප්‍රකාශ කරන්නැයි ජනාධිපති සිරිසේනට ආරාධනා කර සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

ඇය මේ බව පවසා සිටියේ අරලියගහ මන්දිරයේ ඊයේ(10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටිමින් පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා දේ සහ එම ප‍්‍රහාරයට මුහුණදුන් පිරිසට සාධාරණය ඉටුකරන ආකාරය පිළිබඳවද එහිදී පැහැදිලි කරන්නැයි මන්ත්‍රීවරිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

පොලිස්පතිවරයාටත්, හිටපු ආරක්ෂක ලේකම්වරයාටත් පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වගකීම පවරාදෙමින් ප‍්‍රහාරයට වගකිවයුතු බලධාරීන්ට අත සෝදාගැනීමට නොහැකි බවද මන්ත්‍රීවරිය පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button