දේශීය

“අස්ගිරි මහානායකත් සහරාන් කෙනෙක්” – දඹර අමිල හිමි

තමාගේ සටන්පාඨය බුදුන්ගේ සටන්පාඨය බවත්, ඒ හයියෙන් තමන් අස්ගිරියේ නායක හාමුදුරුවනුත්, කාදිනල්තුමාවත් විවේචනය කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති දඹර අමිල හිමියන් පසුගියදා (04 )රාජගිරියේ පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.

මෙහිදී අදහස් දැක්වූ දඹර අමිල හිමියන්,

“මට මගේ ගුරු හාමුදුරුවෝ කියල තියෙන්නෙ කිසිදේකට නැමෙන්න එපා කියල, යුක්තිය වෙනුවෙන් සටන්කරන්ඩ කියල. ඒ ගුණකම් තමයි අපි අරගෙන යන්නෙ. ඒ හයියෙන් තමයි අස්ගිරියේ නායක හාමුදුරුවෝ, කාදිනල්තුමා විවේචනය කරන්නෙ. ඒ හයියෙන්ම මම මහින්ද රාජපක්‍ෂ විවේචනය කළා, මම මෛත්‍රිපාල ජනාධිපතිවරයව පට්ට ගැහුවා. මම කිව්ව පජාති ජනාධිපති වරයෙක් ලංකා ඉතිහාශයේ බිහිවුන කියල, එත් මට කිසි හානියක් කළේ නෑ .කරන්ඩත් බෑ.

අස්ගිරියේ ලොකු හාමුදුරුවො මොනවද කිව්වෙ, සාෆි වගේ අය ගල් ගහල මරන්ඩ ඕනෙ කිව්ව, සාෆි ගේ ක්‍රියා ගැන කිසිම විද්‍යාත්මක ඔප්පු කිරීමක් සිදුවෙලා නැතිව තියෙද්දී,සාෆි ගැන ජාතිවාදීන් රටේ ඇති කරලා තිබුන තත්වයෙන් උන්මාදයට පත්වෙලා, යට තියන මහින්ද ප්‍රේමයද උඩට අරගෙන ,තමන්ගේ විචාර වාදය හා බුදුන් දෙසු මග කිසිවක් නොතකා,අස්ගිරියේ නායක හාමුදුරුවො කිව්වම ගල්ගහල මරන්ඩ ඕනෙ කියල කියන කොට, මුස්ලිම් ජනයාගේ කඩවලින් බඩු ගන්න එපා කියල කියන කොට ඒ මතවාදයට ගහන්න ඕනෙ නැද්ද.ඒක බුදුන් දෙසු ධර්මයට ගැලපෙන්නෙ නෑ .මහින්දගේ ජාතිවාදය එපා නම්, සහරාන්ගේ ජාතිවාදය එපා නම් අස්ගිරියේ ජාතිවාදයත් එපා තමයි.

කාදිනල් තුමා බෝම්බ පිපිරුන දවසෙ මොකද කිව්වෙ.කෝච්ච කඩේ පල්ලියට ඇවිත් මාධ්‍යට කිව්ව, කොච්චිකඩේ සහ කටුවාපිටියෙ පල්ලි වළ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයට ස්වර්ගය පතනවාය, තුවාල වූ අයට සුවපත් වෙන්ඩ යැයි ප්‍රර්ථනා කරනවය කියල කිව්වා. ඒ පල්ලි දෙක ගැන විතරයි කිව්වෙ. ඇයි මඩකලපුවේ සියොන් දේවස්තානෙ මියගිය අයට ස්වර්ගය පැතුවෙ නැත්තෙ, ඇයි සියොන් දෙවස්තානෙට ආධාර ඉල්ලුවේ නැත්තෙ?. මුල් දවස් කීපෙම එහෙම කළේ නෑ. මම එදා තීරණය කළා එයා ජාතිවාදී කියල. එයාල ආගමික නායකයෙක් නිසා මනුෂ්‍යත්වය තමා ඉහළට එන්ඩ ඕනෙ. වැඩිම ජිවිත හානිය වුනේ මඩකලපුවේ. ඊට සති දෙකකට පස්සෙ කාදිනල් තුමා සියොන් දේවස්ථානයට ගියා. මම ඒකට ස්තුති කරනවා.”

යනුවෙන් දඹර අමිල හිමියන් අදහස් දැක්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button