දේශපාලන

“අද තාත්තා කෙනෙකුට පාසලට යන්න බෑ…. හමුදාවෙන් වෙඩි තියලා මරනවා” – මහින්ද රාජපක්ෂ

අසනීප වූ දරුවකු බැලීම සඳහා පියෙකුට පාසලකට යාමට නොහැකි තත්වයක් අද උද්ගත වී ඇති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

“අද පාසලකට දරුවෙක් ලෙඩ වුණාම තාත්තා කෙනෙකුට යන්න බැරි තත්වයක් තියෙනවා, තාත්තට වෙඩි තියලා මරනවා හමුදාවෙන්. අද පාසලකට තමන්ගේ දරුවා අසනීප වෙලා, ඒ දරුවා බලන්න යන්න තාත්තා කෙනෙකුට අයිතියක් නැත්නම් කාටද අයිතිය තියෙන්නෙ ? ඉතිං මෙවැනි තත්වයක් රට තුළ නිර්මාණය වෙලා පවතිනවා”

යනුවෙන් ඒ ඔහු සඳහන් කළේය.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සුළු ජාතීන්ගේ ඡන්ද අවශ්‍ය නැතැයි තමන් පැවසූ බවට අසත්‍ය ප්‍රචාරයක් ද ඉතා සූක්ෂම ලෙස පතුරුවා හරිමින් තිබෙන බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.

මහින්ද රාජපක්ෂ මේ බව පැවසුවේ ඊයේ (05) නුගේගොඩදී විද්වත් වෘත්තිකයින්ගේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට එක් වෙමිනි.


පහත ඡායාරූප ඉහත ප්‍රකාශය හා සම්බන්ධ නැත…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button