දේශීය

වෙන්නප්පුවේ ‘ලේ’ සොයා ජාතිවාදය වපුරන පොහොට්ටු ගෝත්‍රිකයා අධිකරණයට….!

පොහොට්ටු පාර්ශවයේ පළාත් පාලන ආයතනයක් වන වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව ඉතාම නින්දිත ආකාරයට මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගත් පළිගැනීමේ ක්‍රියාවලියක් දියත් කර ඇත.

එහි සභාපති වන සුසන්ත පෙරේරා නම් ‘ගෝත්‍රිකයා’ වෙනප්පුව ප්‍රාදේශීය සභාවට අයත් දංකොටුව සති පොළ භූමියේ මුස්ලිම් ප්‍රජාවට වෙළෙඳාම් කිරීම තහනම් කර ඇත.

මේ සුසන්ත පෙරේරා නම් ‘ගෝත්‍රික මානසික රෝගියා’ ඒ තීරණය ගෙන ඇත්තේ මුස්ලිම් ප්‍රජාව වෙළෙඳ කටයුතු වල නිරතවීම සාමය බිඳවැටීමේ අවධානමක් බව උපකල්පනය කරමිනි.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහය සම්බන්ධව විශ්වාසය තබා කටයුතු කිරීමට තවදුරටත් ලංකාවේ ඉඩක් නොමැති බවට හැගීමක් මේ තුළ දනවන අතර කැමති වෘත්තියක් කිරීමේ මූලික අයිතිවාසිකමද මේ තුළ තිරිසන් ලෙස උල්ලංඝනය කර ඇත.

එම ඉල්ලීම සම්බන්ධයෙන් දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයා උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පතා ඇති අතර ඔවුන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර පසුව අධිකරණයේ සහය පතා තිබේ.

ඒ අනුව ලබන 28 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මාරවිල අධිකරණය විසින් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට නියෝග කරනු ඇති බව දංකොටුව පොලිසිය පවසයි.

අප තක්සේරුව වන්නේද මේ රටේ සාමය සංහිඳියාව පමණක් නොව වසර දහස් ගණනක් පැරණි වාර්ගික සාමුහිකත්වය වනසන වෙන්නප්පුවේ ‘ගෝත්‍රික මානසික රෝගියා’ මොළය පරීක්ෂා කිරීමට යොමුකර අවවරප්‍රසාදිත තත්ත්වයට පත්වූ මුස්ලිම් ප්‍රජාවට අයත් පුරවැසි අයිතිවාසිකම් තහවුරු කළ යුතු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button