දේශීය

“මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට මම අත්සන් කළා” – සිරිසේන

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරවීම සඳහා තමන් මේ වනවිටත් අත්සන් තබා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ අනුව නුදුරේදීම වැරදිකරුවන් හතර දෙනෙකු සඳහා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කෙරෙනු ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ අද (26) උදෑසන ජනාධිපති මන්දිරයේ පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුව අමතමිනි.

ශ්‍රී ලංකාවේ අවසන් වරට මරණ දඬුවම ක්‍රියාත්මක කෙරුණේ 1976 ජුනි 23 වනදාය. පසුගිය වසර 43ම මරණ දඬුවම ක්‍රියාත්මක නොකෙරුණේ කිසිදු රාජ්‍ය නායකයකු එම දඬුවම ක්‍රියාත්මක කිරීමට අත්සන් නොතැබූ නිසාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button