දේශපාලන

“ගෝඨා කියන්නේ යුද්ධෙට බයේ මේ රට දාලා ඇමරිකාවට පැනලා ගිය කෙනෙක්” – වෙල්ගම

ගෝඨාභය රාජපක්ෂ මහතා යනු යුද්ධයට බයේ ශ්‍රී ලංකාව අතැර ඇමරිකාවට පැනගිය පුද්ගලයකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

ඒ අනුව දැනට ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිටින දක්ෂතම පුද්ගලයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා බවයි ඔහු අවධාරණය කළේ.

කුමාර වෙල්ගම මේ බව පැවසුවේ ඊයේ (25) කළුතරදී, මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

ඒ, රටේ ආරක්ෂක තත්වයට වගකීම සඳහා ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණිය යුතුයැයි උදය ගම්මන්පිල කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමසීමේදී….

“රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා, ඒක ඇත්ත. හැබැයි මම ඔය කතාව නිවැරදි කරනවා. ඒ තමයි, මට පේන හැටියට දැනට ලංකාවේ ආරක්ෂාව පිළිබඳ ඉන්න දක්ෂම එක්කෙනා තමයි සරත් ෆොන්සේකා මහත්තයා. එතුමා සටන් බිමේ ඉඳන් සටන් කරපු සොල්දාදුවෙක් හැටියට, නැත්නම් නිලධාරියෙක් හැටියට බලනකොට ඔය ගම්මන්පිල මහත්තයා කියපු පුද්ගලයා යුද්ධෙට බයේ මේ රට දාලා පැනලා ඇමරිකාවට ගිය කෙනෙක්”

යනුවෙන් ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button