දේශීය

දංකොටුව පොළේ මුස්ලිම් අයට බඩු විකිණීම තහනම් කරයි….!

දංකොටුවේ සතිපොළ තුල මුස්ලිම් වෙළඳුන්ට තාවකාලිකව වෙළඳාම් කටයුතු තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ, සභාපති කේ. වී. සුසන්ත පෙරේරා විසින් දන්කොටුව පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිට ලිපියක් යොමු කරමින්.

එම ලිපියේ සඳහන් කර ඇත්තේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව මඟින් පවත්වාගෙන යන දංකොටුව සතිපොළෙහි වෙළඳ ප්‍රජාවගේ සහ ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය තමන් වෙත ප්‍රකාශ කර ඇති නිසා එය පවත්නා සාමකාමී වාතාවරණයට බලපෑමක් සිදු කිරීමට ඉඩ ඇතිබව තමන්ගේ හැඟීම බවයි.

තවදුරටත් එම ලිපියෙහි සඳහන් කර තිබුනේ,

සාමකාමී තත්ත්වය තවදුරටත් ආරක්ෂා කරගැනීමට මුස්ලිම් වෙළඳ ප්‍රජාවට තාවකාලිකව දන්කොටුව සතිපොළ භූමියෙහි වෙළඳාම් කටයුතු තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් පොලිසියට දන්වා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button