දේශීය

වඳ සැත්කම් ගැන පැමිණිලි 157ක් පිරිමින්ගෙන්

වෛද්‍ය සාෆි විසින් සිසේරියන් ශල්‍යකර්මය කළ කාන්තාවන් පිරිසක් අතරින් තම පැලෝපිය නාලයට වෛද්‍ය සාෆි විසින් හානි කර ඇතැයි කියමින් කරනු ලැබූ පැමිණිලි 758ක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ලැබී තිබේ. වාර්තා වන පරිදි පරීක්ෂණයට ඉදිරිපත්වීමට කැමැත්ත ප්‍රකශ කර ඇත්තේ ඉන් 71 දෙනෙකු පමණකි. එම කාන්තාවන්ට නැවත දරුවන් බිහි නොවන්නේ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ගේ සරු භාවයේ ගැටලුවක් නිසා ද නැද්ද යන්න සොයාගැනීමට ස්වාමි පුරුෂයන්ද පරීක්ෂණයකට ඉදිරිපත් කළ යුතු බව දැනුම් දීමෙන් පසු පරීක්ෂණයට ඉදිරිපත්වීමට කැමතිවූ කාන්තාවන් 71 දෙනාගෙන් විශාල පිරිසක් තවදුරටත් ඊට කැමැත්තක් දක්වා නොමැති බව වාර්තා වෙයි.

පරික්ෂණයට ඉදිරිපත්වූ 71 දෙනාගෙන් වැඩි දෙනෙකුගේ සිසේරියන් සැත්කම් කරනු ලැබුවේ කවුරුදැයි තහවුරු කරගැනීමට අවශ්‍ය වාර්තාද නැති බව කියනු ලැබේ.

සාෆි වෛද්‍යවරයා කරන ලද ලද සැත්කම්වලදී ඊට සහය වූ කිසිදු හෙදියන් විසින් හෝ සාෆි වෛද්‍යවරයා වඳ සැත්කම් කරන ලද බවට සාක්කි ලබාදී නැත. මේ අතර වඳ සැත්කම් 4000 ක් කරන ලද බවට දිවයින පත්තරයට තොරතුරු දුන් කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයාට ජාතිවාදය ඇවිස්සීමේ අරමුණෙන් අසත්‍ය කරුණු ප්‍රකාශ කිරීමේ චෝදනාව මත ICCPR සම්මුතිය යටතේ පොලිසිය විසින් නඩු පැවරීමට සුදානම් වන බව වාර්තා වේ.

ඒ සමඟ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයාට එරෙහිවද නඩු පැවරීමට ඉඩ තිබෙන බව පැවසේ.මේ අතර ඊය් (19) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිලි 758 අතුරින් පැමිණිලි කළ 601ක් දෙනෙකු කාන්තාවන් බවයි. ඒ අනුව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ ඉතිරි 157 දෙනා කාන්තාවන් නොවන බව වාර්තා වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සටහන් කරගත් පැමිණිලි අතරින් 758ක සාරාංශයක් එළඹෙන 27 වෙනිදා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


සිසිර යාපා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button