දේශීය

ශක්තික තවත් දින 7ක් රිමාන්ඩ් භාරයට

කෙටිකතාවක් මගින් ආගමික වෛරය සදහා පෙළඹවීම පිළිබද චෝදනා කරමින් ලේඛක ශක්තික සත්කුමාරට එරෙහිව පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පවරන ලද නඩුව ඊයේ(18) කැඳවන ලදී. ස්ථිර මහේස්ත්‍රාත්වරයා ඊයේ දින නොමැති බැවින් වැඩබලන මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ නඩුව කැඳවින. ඉන්පසුව විත්තියේ නීතිඥ විසින් සැලකිරීම් කිරීම සඳහා ඉල්ලා සිටි අතර එය ස්ථිර මහේස්ත්‍රාත් ඉදරියේ සිදුකරන ලෙස දැනුම් දෙන ලදී.

ලේඛක ශක්තික සත්කුමාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය විල්සන් ඉල්ලා සිටියේ මෙම නඩුව සතියක් තුළ කැඳවන ලෙසයි. ඒ අනුව ජුනි 25 තෙක් නඩු කටයුත්ත කල් තැබුනු අතර, එදින තෙක් ලේඛකයා යළිත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිනි.

ලේඛක සත්කුමාර වෙනුවෙන් නීතිඥ සංජය විල්සන් සමඟ බුද්ධදේව ගුණරත්න, C.W.W. රත්නායක, මිගාර ඩොස් සහ ජයන්ත දෙහිඅත්තගේ යන නීතිඥවරු පෙනී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button