දේශීය

කඩියන්ලෙන ඇල්ල පරිසර පද්ධතියත් විනාශ කිරීම අරඹයි

නාවලපිටිය තලවකැලේ ප්රධාන මාර්ගයට මුහුණලා ප්‍රදේශයට සුන්දරත්වයක් එක්කරමින් ගලා බසින කඩියන්ලෙන ඇල්ල හෙවත් කටබුලාව දිය ඇල්ල අසලින් ඉදි කරමින් පවතින මාර්ගයක් පිළිබඳ ගම්වාසීන් දැඩි අප්රසාදයක් දක්වයි. එම ඉදිකිරීම් නිසා එම ස්වභාවික පරිසර පද්ධතියට විශාල හානියක් සිදුවෙයි. පස්බාගේ කෝරලේ ප්‍රාදේශී සභාව මගින් 2019.01.24 දින ‘කඩියන්ලෙන දිය ඇ යන පාර අලුත්වැඩියා කිරීම’ යන ලිපි ශීර්ෂය යටතේ එම සභාවේ සභාපතිතුමාගේ (ඕ.ජී. රෝහණ බණ්ඩාර) අත්සනින් යුතුව සභාවේ තාක්ෂණික නිලධාරීගේ අධීක්ෂණය යටතේ තෙවන පාර්ශවයකට (කේ.ටී.එස්.ජේ. කරුණාරත්න) මෙම ඉදිකිරීම් සඳහා අවසර දී ඇතත් වසමේ ග්‍රාම නිලධාරී මේ සම්බන්ධයෙන් දැනුවත්වීමක් නොමැත.

එසේම තවත් ගැටළුවක් වී ඇත්තේ මෙම තෙවන පාර්ශවය සතු බිම් කොටසක් හා එහි අඩක් ඉදිකිරීම් නිම කල ප්‍රවේශ මාර්ගයක් නොමැති ගොඩනැගිල්ලක් මෙම අලුත්වැඩියා කරන මාර්ගය අසල පැවතීමයි.

ඉදිකරන මාර්ගයත් නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකරන මාර්ගයක් බවත්, ඒ සඳහා යොදාගන්නා ද්‍රව්‍ය සහ ඉදිකරන ආකාරයේ විශාල ගැටළු සහගත තත්ත්වයන් ඇතිබවත් අපට දැනගන්නට ලැබුණි.

මෙම ඉදිකිරීම් සදහා ලබාගත් තෙවන පාර්ශවය හිටපු අමාත්ය චන්ද්‍රා කරුණාරත්න මහතාගේ සමීපතමයකු වීම හා බලධාරීන් මීට මැදිහත් නොවීම පිළිබඳවත් දැඩි අප්‍රසාදයක් මතුව තිබේ. ප්‍රදේශයේ පවතින සුන්දරම හා දෙස් විදෙස් සංචාරකයන්ගේ අවදානයට ලක්වු මෙවන් ස්වාභාවික සම්පතක් අසල එහි සුරක්ෂිතභාවයට සහ පරිසර පද්ධතියේ සුන්දරත්වයට හානි වන අයුරින් නිසි ප්‍රමිතියකින් තොරව සිදුකරන මේ ඉදිකිරීම් පිලිබඳ ගම්වාසීන්ගේ දැඩි විරෝධය එල්ල වේ.

එම නිසා ඉදිරියේදී බලධාරීන් වෙත අවධාරණය කිරීමට අවශ්‍ය දැඩි ක්‍රියාමාර්ග වුවද ගැනීමට පසුබට නොවන බව ගම්වාසීන් පවසයි.


රෝවන් ප්‍රනාන්දු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button