දේශීය

“මම මුස්ලිම් වෙලා ඉපදුනා නම් සහරාන් කෙනෙකු වීමට ඉඩ තිබුණා” – ඥානසාර හිමි කියයි

පාස්කු ඉරිදා බෝම්බ පුපුරුවාගත් සහරාන් හෂීම් යනු අපේම රටේ ඉලන්දාරියකු බවත් තමන් වුවත් මුස්ලිම් ජාතිකයකු වී ඉපදුනේ නම් සමහර විට සහරාන් කෙනෙකු වීමට ද ඉඩ තිබුණු බවත් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි පවසයි.

තමන්ට සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව සමඟ ගැටුමක් නොමැති බව පැවසූ එහිමි මේ රට ගෙයක් නම් ඒ ගෙදර තුළට විෂ ඝෝර සර්පයකු ඇතුළු වී සිටින බවත් සියල්ලන්ම එකතු වී ඒ විෂ ඝෝර සර්පයා විනාශ කළ යුතු බවත් සඳහන් කළේය.

තමන්ගේ හිත මහණ කර ඇතත් ජාතික ආවේගයකදී තම භූමිකාව වෙනස් බවත් එහිමි ප්‍රකාශ කළේය.

එක දිගට එක ආගමක් ආරක්ෂා කරගෙන පැමිණි ලෝකයේ එකම ඓතිහාසික ජාතිය වශයෙන් තමන් අද යම් තිගැස්මකට ලක්වී සිටින බවයි එහිමි පැවසුවේ.

“මහණෙනි නුඹලා මිත්‍යාදෘෂ්ටියට එරෙහිවව්….!” යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කර ඇති බවත් එහිමි සඳහන් කළේය.

ගලගොඩ අත්තේ ඥානසාර හිමි මේ බව පැවසුවේ ඊයේ (15) ගාල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයක් අමතමිනි.

4 Comments

  1. මේ හු**** පිස්සෙක්. අපි ඒක කලින් ඉඳන්ම කිව්වා. දැන් පේනවනේ. සිංහල බෞද්ධ ත්‍රස්තවාදියෙක්. අන්තවාදියෙක්. රට කෑවේ මේ බොදුබලේ, මහසෝන් බලකායේ එකා ඇතුළු මේ ජාතිවාදී බල්ලෝ සෙට් ඒක.

    1. සහරාන් තාම එල කොල්ලා, තොපි වගේ පොන්න හැත්ත නිසා තමා පකෝ ඔය සීතලට ගහල කරුමෙට හිටපු එවුන් රගන්නේ

      1. අනේ පලයන් හුත්තෝ. මූ තමයි ජාතිවාදය ඇවිස්සීමේ ඒක සාමාජිකයෙක්. දැන් මූ මේ කතා කරන්නෙත් ජාතිවාදේ ගැන. සහරාන් කියන්නෙත් ජාතිවාදියෙක්, මූත් ජාතිවාදියෙක්. දෙපැත්තේම අරමුණ ත්‍රස්තවාදය.

Leave a Reply to අංගම්මන ජයකොඩි Cancel reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button