දේශීය

පැලෝපීය නාල වලට කිසිඳු හානියක් කර නැහැ

හෙද නිලධාරිනියන් කියයි

කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහමඩ් සාෆි සමග සිසේරියන් සැත්කම්වලට සහභාගි වූ ශල්‍යාගාර හෙද නිළධාරිණියන් 69 දෙනෙකු මේ වනවිට ප්‍රකාශකර ඇත්තේ, වඳ සැත්කම්වලට භාජනය කරනු හෝ ඔවුන්ගේ පැලෝපීය නාලවලට හානි සිදු කරනු හෝ තමන් දැක නොමැති බවයි.

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ වූ ශල්‍යාගාර හෙද නිළධාරිණියන් 69 දෙනෙකු ප්‍රකාශ ලබාදී ඇත.

එසේම සැත්කම් සඳහා සහභාගි වන හෙද නිළධාරිණියන්ට හෝ සෙසු වෛද්‍යවරුන්ට හොරෙන් එවැනි දෙයක් කළ නොහැකි බව ද ඔවුන් රහස් පොලීසිය වෙත පවසා ඇත.

තවත් එක් හෙද නිළධාරිණියකගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත අතර ඇය මේ වනවිට කොළඹ ජාතික රොහලේ ප්‍රතිකාර ලබමින් සිටින බැවින් ප්‍රකාශ සටහන් කර ගැනීම ප්‍රමාද වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button