දේශීය

2020 ජනාධිපතිවරණය ගෝඨා අතහරී

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් නොවන බවට ඔහුගේ ප්‍රචාරක ව්‍යාපෘතිය භාරව සිටි දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු සහ කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර පවසා ඇති බව වාර්තා වෙයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මීට පෙර ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමේ අපේක්ෂාව ඇතිව සිටියත් මේ වන විට ඒ අදහස වෙනස් කරගෙන ඇති බවත් ඔහු පවසා ඇතැයි වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට අමාත්‍ය පාඨලී චම්පික රණවක පසුගිය 12 වනදා දෙරණ මාධ්‍ය ජාලයට අයත් කොළඹ විජේරාම මාවතේ පිහිටි “අරුණ” පුවත්පත් කාර්‍යාලයට ගිය අවස්ථාවේ ඇතිවූ සාකච්ඡාවකදී මේ බව අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button