දේශීය

ශ්‍රී මහා බෝධියේ ශාඛාව විනාශ කිරීමට සූදානම් – මුතුරාජවෙල අභය භූමිය ඩෝසර් කරයි

“මුතුරාජවෙල අභයභූමියේ විදුලි බලාගාරයක්”

මුතුරාජවෙල අභයභූමියේ විදුලි බලාගාරයක් ඉදිකිරීම සදහා කැබිනට් මන්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

උස්වැටකෙයියාව පට්ටියවල ප්‍රදේශයේ අක්කර 45 ප්‍රදේශයක විදුලි බලාගාරය ඉදිකිරීම සදහා සැලසුම් සකස් කිරීම් මේ වන විට ආරම්භ කර ඇත.

මෙම ප්‍රදේශය මුතුරාජවෙල අභය භූමයේ හදවත බඳු ප්‍රදේශයකි. පසුගිය ආන්ඩුව සමයේ සර්ව ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීම ආරම්භ කළ අතර බෝධියක් පවා රෝපනය කරන ලදී. පසුව ක්‍රීඩාංගනයක් හා සංචාරක මධ්‍යස්ථානයක් හා නව නව නගර සැලසුමක් ද සකස්කරන ලදී. ඊට සමගාමීව හැමිල්ටන් ඇල හා පාලම් සංවර්ධනය කල අතර පසුව ජනතා විරෝධය හා පරිසර සංවිධාන වල විරෝධය නිසා ව්‍යාපෘතිය නවත්වන්නට රජයට සිදුවුනි. එහෙත් මේ වන විට රජය විසින් විදුලි බලාගාරයක් ඉදිකිරීම සදහා අනුමැතිය ලබාදී ඇත. මෙමගින් මුතුරාජවෙල අභය භූමිය හා හැමිල්ටන් ඇල විනාශ වීම සිදුවේ. මේ සදහා පරිසර වාර්ථා පවා ඉවත දමා මුතුරාජවෙල විනාශ කිරීම සදහා පිඹුරු පත් සැකසෙමින් පවතී.

මේ වනවිට මුතුරාජවෙල අභය භූමිය ඩෝසර් කරමින් සිටින බව වාර්තාවන අතර, ජය ශ්‍රී මහා බෝධියේ ශාඛාවද ගලවා ඉවත් කිරීමට සැලසුම් කර ඇතිබවත් වාර්තා වේ. වත්තල ප්‍රාදේශීය ලේකම් එම බෝධිය ගලවා ඉවත් කරන බවට එම ප්‍රදේශයේ හාමුදුරුවරුන්ට සහ ප්‍රදේශ වාසීන්ට තර්ජනය කර ඇත.

අමාත්‍ය පාටලී චම්පික රණවක ගේ අනුදැනුම ඇතිව, කිසිඳු පරිසර වාර්තාවක් නොමැතිව චීන සමාගමක් හරහා සිදුකරන එම ව්‍යාපෘතියට මුතුරාජවෙල අක්කර සියගණනක් විකිණීමට සූදානම් බවත් එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button