දේශීය

ලෝකයේ තෙල්මිල පහල යද්දී, ලංකාවේ තෙල් මිල ඉහලට

පසුගිය මැයි මාසයේ දී මෙම මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් හි ඉහළ දැමීමක් සිදුකිරීමට මුදල් අමාත්‍යාංශය විසින් පියවර ගනු ලැබුවද බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිලෙහි කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ. 2019 මැයි 10 දිනයේ දී ලෝක වෙළෙඳ පොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.62 ක් ලෙසින් වාර්තා වූ අතර ඊයේ දිනය වන විට එම අගය වාර්තා වන්නේ ඩොලර් 63.29 ක් වශයෙන් පහල ගොස් තිබිණි.

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල තීරණය කිරීම සඳහා යොදා ගනු ලබන ප්‍රධාන නිර්ණායකය බ්‍රෙන්ට් බොරතෙල් මිල දර්ශකය වන  බැවින් මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන්වල පහළ යාමක් බලාපොරොත්තු විය හැකි බව වෙළෙඳපොළෙ විශ්ලේෂකයින්ගේ අදහස වුවත් සිදු වූයේ මිල ඉහල යාමෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button