විදේශීය

හිටපු ජනාධිපති අත්අඩංගුවට

පාකිස්තානයේ හිටපු ජනාධිපති අසීෆ් අලි සර්දාරි අත්අඩංගුවට ගෙන තිබේ.

මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ ඇප ඉල්ලුම්පත්‍රය ඉස්ලාමාබාද් මහාධිකරණය මගින් ප්‍රතික්ෂේප කිරීම නිසාය. හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ සහෝදරිය වන ෆර්යල් තල්පූර් ව්‍යාජ බැංකු ගිණුම් රාශියක් පවත්වාගෙන ගිය බවට තොරතුරු හෙළි වී තිබේ.

පාකිස්තානයේ දුෂණ විරෝධී ආයතනය වන ජාතික වගවීම පිළිබඳ කාර්යාංශය මගින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත. පාකිස්තාන් ජනතා පක්ෂයේ සම සභාපතිවරයා වන්නේද අසීෆ් අල් සර්දාරි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button