දේශපාලන

“ජනාධිපති රට පාලනය කිරීම හැර අනෙකුත් සියලුම දේවල් කරනවා….”

ජනාධිපතිවරයා රට පාලනය කිරීම හැර අනෙකුත් සියලුම දේවල් කරන බවත්, මේ නිසා රට අරාජික තත්ත්වයට පත්ව තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

රට පාලන කිරීමේ ප්‍රධාන දේවල් වන්නේ ජාතික ආරක්ෂාව ඇතුළුව රටට ජනතාවට අවශ්‍ය දේවල් සිදුකිරීම බවත්, එහෙත් ජනාධිපතිගේ අලුත්ම කාර්ය වනුයේ වඩුමඩු තහනම් කිරීම බවත් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසා සිටියේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (10) පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

ගෙවී ගිය වසර හතරක කාලය පුරා ජනාධිපති හා අගමැතිවරයා වෙන වෙනම ගමනක් ගිය බවත්, මේ නිසා ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වූවා සේම ජනතාව ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූ දේවල්වත් ලබාදීමට නොහැකි වූ බවද ඒ මහතා පැවසීය.

මේ නිසා වහාම ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවත්, එසේ නොමැති වුවහොත් ආණ්ඩුවට විරුද්ධව ගෙනැවිත් තිබෙනා විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කර ආණ්ඩුව පළවාහරින බවත් ටිල්වින් සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button