දේශපාලන

ජනාධිපති ධූරය අහෝසියි…. මෛත‍්‍රි දිගටම රාජ්‍ය නායකයා….

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග නොවදින බවට කර ඇති ප්‍රකාශයෙන් ඔහු ප්‍රධාන ධාරාවේ දේශපාලනය ඉවත් වීමක් සිදු නොවන බවට ජනාධිපතිවරයාගේ සමීප ප‍්‍රකාශකයෙකු කියා සිටි බව සඳහන් වෙනවා.

ඉදිරි කාල සීමාව තුළ ජනාධිපති ක්‍රමය මෙරටින් අහෝසි වීමේ ඉඩක් ඇති බවද කී ඔහු මීළඟට බිහිවන රාජ්‍ය නායක තනතුර සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්වීමට සැලසුම් සකස් කරමින් සිටින බවද පවසා ඇත.

ඒ සඳහා වන නව සන්ධානයක සාකච්ඡා මේ වනවිට ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති බවද ඔහු සඳහන් කර ඇත.

ජනාධිපතිවරණය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා තරඟ නොවදින බව ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කළේ යැයි පලවන වාර්තාද ඉහත ප්‍රකාශකයා පිළිගෙන තිබේ.

ජනාධිපතිවරණයට තරඟ නොවදින බව පැවසුවා මිස රාජ්‍ය පාලනයෙන් සමුගන්නා බව හෝ රාජ්‍ය නායකයා වීම අතහරින බවක් ජනාධිපතිවරයා විසින් පවසා නැති බවද ඔහු තව දුරටත් පවසා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button