දේශපාලන

“මම දෙවෙනි පාර ඉල්ලන්නේ නැහැ….”

තමන් කිසිසේත්ම දෙවන ධුර කාලය සඳහා තරග නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.

ඊයේ (04) පැවති කැබිනට් රැස්වීමේදී එක්සත් ජාතික පෙරමුණු අමාත්‍යවරුන් ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

“මම දිවුරුම් දුන්නු දවසේ පළවෙනි වතාවට ජාතිය අමතලා කතා කරද්දිම කිව්වා මේක මගේ පළවෙනි සහ අවසාන අවස්ථාව කියලා. මම ආයෙ තරග කරන්නෙ නෑ කියන පොරොන්දුව මම දීලයි තිබුණෙ. ඒ පොරොන්දුව මම දිගටම තියනවා.

මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නෙ නෑ. නමුත් තව මාස පහකින් ජනාධිපතිවරණය එනවා. ඒනිසා තමුන්නාන්සෙලා අනිවාර්යයෙන්ම ඒකට සූදානම් වෙන්න” යනුවෙන් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

තවදුරටත් අදහස් දක්වමින් “UNP එක මේ තියෙන තත්වෙන් නම් මට පිළිගන්න බෑ. හැබැයි තරුණ ජවයත් එක්ක පක්ෂය හරි මාර්ගයට එනවා නම් මමත් සහාය දෙන්න සූදානම්” යනුවෙන් ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කෙරෙහි වන තමන්ගේ කැමැත්ත යළිත් වක්‍රාකාරයෙන් එහිදී එළිදක්වා තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button