දේශීය

අධි අවදානම් ඩෙංගු කලාප 3 ක් ප්‍රකාශ කරයි

ඩෙංගු අවදානම අනපේක්ෂිත ලෙස හිස එසවීමත් සමගම ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය විසින් ගාල්ල මහනගර සභා බල ප්‍රදේශය හා බලපිටිය සහ අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ ඩෙංගු අධි අවදානම් කලාප බවට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ, හබරාදුව, බෝපෙ පෝද්දල කරන්දෙනිය, හික්කඩුව, බදදේගම, ඇල්පිටිය සහ අක්මීමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 7 ද ඩෙංගු අවදානම්කලාප ලෙසද එම කාර්යාලය නම්කර තිබෙනවා.

ඩෙංගු අධි අවදානම සහිත ගාල්ල නගර සභාබල ප්‍රදේශයෙන් මේවනවිට ඩෙංගු රොි්ගීන් 396 දෙනෙක් ද අම්බලන්ගොඩින් ඩෙංගු රෝගීන් 230 ක්ද බලපිටියෙන් ඩෙංගු රෝගීන් 224 ක්ද වාර්තා වී ඇතිබවද දිස්ත්‍රික් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ චන්දිම සිරිතුංග මහතා සඳහන් කරනවා.

ඩෙංගු අවදානමට බලපාන ඩෙංගු කීටයන් ගේ වැඩිම ප්‍රතිශතයක් 52.4% වාර්තා වන්නේ ගෙවල් වලින් බවත් පාසල් වලින් ඩෙංගු කීටයන් 44.7% ක් සහ ආගමික ස්ථාන වල ඩෙංගු කීටයන් 41.3% ක් හා රාජ්‍ය ආයතනවල 37.5% ඩෙංගු කීටයන් හා පෞද්ගලික ආයතන වලින් 21% ඩෙංගු මදුරු කීටයින් සොයා ගෙන ඇති බවත් මේ බලපෑම වහා ඉවත් කිරීමට කටයුතු කළ යුතුබවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button