දේශීය

ලෝන් සේවාව වෙනස් කර කෝටි ගණන් ගසාකන මොබිටෙල්

අවුරුදු 12 ක පමණ කාලයක් තිස්සේ #247# අමතා රුපියල් 30 ක ලෝන් එකක් ගැනීමට පුරුදු වී සිටි මොබිටෙල් පාරිභෝගිකයන් හට කිසිදු දැනුම් දීමක් නොකර සිය සම්පූර්ණ ලෝන් සේවාවම වෙනස් කරන්නට මොබිටෙල් ආයතනය කටයුතු කර ඇත. වෙනදා මෙන් #247# අමතන අයෙකුට සිදු වන්නේ ජාලයේ සිටි කාලය අනුව රුපියල් 100 ක් දක්වා විශාල ලෝන් එකක් ලැබීමයි.

මෙහි විශාලතම ගැටළුව මොබිටෙල්හි එම සම්පූර්ණ මුදලම ගෙවන තුරු දමන මුදල් සියල්ල කැපී යාමයි. එමෙන්ම එම ලෝන් මුදලෙන් කිසිදු ඩේටා පැකේජ් එකක් දැමිය නොහැකි නිසා ඩේටා ඔන් කළ විගස රුපියල් විසි තිස් ගණන් කැපී යාමත් සිදු වේ.

එපමණක් නොවේ, හැමදාම අතිරේක රුපියල් 2 ක් වූ ගාස්තුව මේ වන විට රුපියල් 100 ලෝන් එක සඳහා 7 ක් සහ අදාළ බදු බවට පත් කර ඇත! ඒ නිසා නොදැන #247# අමතන අයෙකුට සිය ශේෂය එසැනින් -109.28 බවට පත් වනු ඇත. අවසානයේ තම පැකේජයෙන් වැඩක් ගන්නට නම් රුපියල් 150 ක්වත් දැමිය යුතුම වේ.

මෙවැන්නක් නිසි පෙර දැනුම් දීමක් නොකර සිදු කිරීම ලංකාවේ ගොබ්බ නීති අනුව නීති විරෝධීද නැද්ද යන්න නොදන්නා නමුත් මිලියන 8 කට වැඩි පාරිභෝගිකයන් පිරිසකගෙන් මෙසේ ගසා කෑම ගැන සදාචාරාත්මකව නම් විශාල ගැටලුවක් ඇති වේ.

කෙසේ නමුත් අළුත් ක්‍රමය ගැන දැනගෙන පරිස්සම් වීම සඳහා මොබිටෙල් ලෝන් සේවාවේ අළුත් ක්‍රමවේදය ගැන මෙසේ ලියා තබමු.

ඔබ දැන් ලෝන් එකක් ගන්නවා නම් එය ලබා ගන්නා විට අදාළ මුදලද පහත පරිදි ඇතුළත් කළ යුතුය. එසේ නොමැතිව #247# පමණක් ඇමතූ විට ලබා ගත හැකි ඉහළම ලෝන් මුදල ලැබේ.

1) රුපියල් 25 ක ලෝන් මුදලක් සඳහා සේවා ගාස්තුව රුපියල් 1.75 + බදු (ශේෂය 0 නම් එය -27.32 වේ. වලංගු කාලය දින 5. මාස 3 ක කාලයක් ජාලය තුළ රැඳී සිටි අංකවලට මෙය ලබා ගත හැකිය.
#247#25#

2) රුපියල් 30 ක ලෝන් මුදලක් සඳහා සේවා ගාස්තුව රුපියල් 2 + බදු (ශේෂය 0 නම් එය -32.65 වේ. වලංගු කාලය දින 7. මාස 3 ක කාලයක් ජාලය තුළ රැඳී සිටි අංකවලට මෙය ලබා ගත හැකිය.
#247#30#

3) රුපියල් 50 ක ලෝන් මුදලක් සඳහා සේවා ගාස්තුව රුපියල් 3.50 + බදු (ශේෂය 0 නම් එය -54.64 වේ. වලංගු කාලය දින 7. මාස 6 ක කාලයක් ජාලය තුළ රැඳී සිටි අංකවලට මෙය ලබා ගත හැකිය.
#247#50#

4) රුපියල් 75 ක ලෝන් මුදලක් සඳහා සේවා ගාස්තුව රුපියල් 5.25 + බදු (ශේෂය 0 නම් එය -81.77 වේ. වලංගු කාලය දින 10. මාස 12 ක කාලයක් ජාලය තුළ රැඳී සිටි අංකවලට මෙය ලබා ගත හැකිය.
#247#75#

5) රුපියල් 100 ක ලෝන් මුදලක් සඳහා සේවා ගාස්තුව රුපියල් 7 + බදු (ශේෂය 0 නම් එය -109.28 වේ. වලංගු කාලය දින 14. මාස 24 ක කාලයක් ජාලය තුළ රැඳී සිටි අංකවලට මෙය ලබා ගත හැකිය.
#247#100#

මේ බව මොබිටෙල් වෙබ් අඩවියේ දක්වා ඇති නමුත් නිල Facebook පිටුවේ හෝ වෙනත් කිසිම තැනක සඳහන් කර නැත. ඒ නිසා මේ බව හැකිතාක් පිරිසකට දැනුම් දීමෙන් නොදැනුවත්ව සල්ලි නාස්ති කර ගන්නා පිරිසට උපකාරයක් වීම ඔබේ යුතුකමක් ලෙස සළකන්න. අපද මෙය ලියන්නට කාලය ගත්තේ එසේ මුදල් නාස්ති කර ගන්නා අය දැනුවත් කිරීම අපගේත් යුතුකමක් වන නිසාය. ස්තූතියි.


ඉන්ද්‍රජිත් ගමගේ


ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය රිෂාඩ් බතියුදීන්ට සම්බන්ධ තඹ කම්හලට අබලි කේබල් තොගයක් ලබාදීමේ ප්‍රවෘත්තියක් පළ කිරීම නිසා නෙත් නෙව්ස් වෙබ් අඩවිය SLT සහ මොබිටෙල් ජාල වලින් ban කර තිබුණි. මෙම පුවතටත් එසේ විය හැකිය. එසේ වුවහොත් කරුණාකර අප දැනුවත් කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button