විද්‍යාව

දැනට පවතින Huawei Phoneවලට android සහය දිගටම

මේ වන විට භාවිතා කරන Huawei දුරකතන සදහා Google Play, Google Play Protect වැනි පහසුකම් ලබාදීමට කටයුතු කරන බව Google (android) සමාගම සදහන් කරයි.

ඇමරිකානු ආණ්ඩුවේ තීරණයකට අනුව Huawei දුරකතන සදහා සේවා සැපයීම් සීමා කිරීමට Google සමාගම තීරණය කළ අතර ඒ අනුව හුවායි පාරිභෝගිකයින් ඉදිරියේදී ඇතිවිය හැකි තත්වය ගැන android සේවා සැපයීම් පිළිබද විමසීම් කර තිබුණි. ඒ පිළිබද twitter පණිවුඩයක් යොමු කරන ඇන්ඩ්‍රොයිඩ් සමාගම සදහන් කර තිබෙන්නේ වැනි පහසුකම් දැනට තිබෙන දුරකතන සදහා පහසුකම් දිගටම ලබාදෙන බවයි.

මේ පිළිබද නිකුත් කළ twitter පණිවුඩයේ මෙසේද දැක්වේ.

“ඇමරිකානු රජයේ තීරණය සම්බන්ධයෙන් අපි කටුයතු කරන්නේ කුමක්ද යන්න ගැන Huawei පාරිභෝගිකයින් විමසා තිබුණා. ඇමරිකානු ආණ්ඩුවේ අවශ්‍යතාවයන්ට අනුගත වෙමින්ම දැනට තිබෙන Huawei දුරකතන සදහා Google Play, Google Play Protect වැනි පහසුකම් ලබාදීමට කටයුතු කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button