විශේෂාංග

අටපට්ටම් බූරුවෝ ගැන කතාවක්

වෙසක් කූඩුව ලෙස පොදුවේ හඳුන්වන අටපට්ටමේ තියෙන්නේ හතරැස් පට්ටම් හයයි. එහෙනම් ඒක හයපට්ටම නොවී අටපට්ටම වුණේ කොහොම ද කියන එක ළමා කාලේ මට තිබ්බ ලොකුම ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයට උත්තර හොයාගන්න මට අවුරුදු 20ක් ගියා. ඇත්තටම අටපට්ටමේ ඔරිජිනල් ඩිසයින් එකේ හැටියට, මුලින් ම හදන්නේ හතරැස් කොටු හයක් නෙමෙයි; ත්‍රිකෝණාකාර පට්ටම් අටක්: උඩට හතරයි, යටට හතරයි, ඔක්කොම අටයි. අටපට්ටම හැදෙන්නේ එහෙමයි.

මේ හදිස්සියේ මේක ලියන්න කල්පනා වුණේ, අටපට්ටම් කූඩුවල අන්‍යාගමික ලාංඡන අලවා තිබීම නිසා කීප තැනකම කූඩු කඩා දැමීම, ගිනි තැබීම වගේ මෝඩ වැඩ දකින්න ලැබුණු නිසා. ලංකාවට අටපට්ටම හෙවත් වෙසක් කූඩුව එන්නේ 1900 ගණන්වල මුල් කාලයේ, කේරළයෙන්. කේරළයේ දීපවාලි (හෙවත් දීවාලි) උත්සවයට එල්ලන සාම්ප්‍රදායික සැරසිල්ලක් තමයි මේ අටපට්ටම. ඒක ලංකාවේදී “වෙසක්” කූඩුව බවට පත්වුණාට, මේක කේරළ දායාදයක්. වෙළෙඳ අරමුණු මත කේරළයෙන් උස්සපු කූඩුවකට බෞද්ධ අනන්‍යතාව බලෙන් ගහලා, සහජීවනය උදෙසා කූඩු පත්තු කරපු කතෝලිකයන්ට තග දානකොට ඇතිවෙන විහිළුසහගත හැගීම විස්තර කරන්න මට වචන නෑ.

විස්වාස නැත්නම් මේ අලවා තිබෙන සේයාරුව බලන්න. මේ ලංකාවේ කූඩුවක් නොවේ, කේරළයේ දීවාලි සැරසිලි කූඩුවක්. තවත් විශ්වාස නැත්නම් “diwali lantern” කියා ගූගල් ඉමේජස් වල සොයා බලන්න.


චමීර ජීවන්ත දෙද්දුවගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button