දේශීය

සිංහල බෞද්ධයෝ බලාගෙන උන්නු ඥානසාර චීවරධාරී තැන නිදහස් කරලාද?

වෙසක් පුර පසළොස්වක පෙහොය නිමිත්තෙන් නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙදෙනෙක් නිදහස් කෙරේ. බන්ධනාගාර ඉතිහාසයේ වැඩිම සිරකරුවන් සංඛ්‍යාවක් එකවර නිදහස් කෙරෙන ප්‍රථම අවස්ථාව මෙයයි.

සිරකරුවන් නිදහස් කිරිමේ රාජ්‍ය උත්සය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර ක්‍රිඩාංගණයේදී අද (18) පෙරවරු 10.00ට පැවැත්විණි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව පිරිනැමේ. ස්ත්‍රි දූෂණ, බාල අපරාධ හා මත් ද්‍රව්‍ය වැනි වැරදි සදහා දඩුවම් ලබා සිටින සිරකරුවන් හැර අනෙකුත් සුළු වැරදි සම්බන්ධව බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින් මෙසේ නිදහස් කෙරේ. සිරකරුවන් 736 දෙනෙකු සහ සිරකාරිනියන් 26 දෙනෙකු පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිතයි.

වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 117 ක්, පල්ලේකැලේ එළිමහන් සිරකදවුරෙන් සිරකරුවන් 62 ක්, මහර බන්ධනාගාරයෙන් සිරකරුවන් 55 ක්, අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවන් 50 ක්, පල්ලන්සේන සිර කදවුරෙන් සිරකරුවන් 53 ක් දිවයින පුරා පිහිටි බන්ධනාගාර තිහකින් සිරකරුවන් නිදහස් කෙර්.

ඊයේ පැවති ජාතික වෙසක් උත්සවයේදී ඥානසාර චීවරධාරී තැන නිදහස් කරන මෙන් ඉල්ලා ජනාධිපතිට ලිපියක් බාරදීමත් ප්‍රකාශයක් කිරීමත් සිදුවුනා. එසේම සමාජ මාධ්‍ය ජාලවල ඥානසාර චීවරධාරී තැන නිදහස් කරන මෙන් බලකර විවිධ දෑ පළවන අයුරුත් අප දුටුවා. නමුත් මේ වනතෙක් ජනාධිපති සමාව යටතේ ඥානසාර චීවරධාරී තැන නිදහස් කර නැහැ.

ඥානසාර චීවරධාරී තැන සිරගත කලේ ජාතිය වෙනුවෙන් කතා කිරීම හෝ ඒ වෙනුවෙන් අරගල කිරීම නිසා නොවන අතර, උසාවියට අපහාස කිරීම යන වරද මතය. ඒ අතර සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට අසභ්‍ය වචන වලින් බැන තර්ජනය කිරීම, බීමත්ව රිය පැදවීම, ජාති ආගම් අතර අසමගිය ඇතිකිරීම වැනි චෝදනා ගණනාවක්ද මෙම චීවරධාරී තැනට එල්ල වී ඇත.

ඥානසාර චීවරධාරී තැනව සිරගත කලේ ජාතිය වෙනුවෙන් කතා කල නිසා යයි යමෙකු කියනවා නම්, ඒ ඔහු හෝ ඇයගේ නොදැනුවත් කමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button