විදේශීය

සමකාමී විවාහ නීතිගත වූ ප්‍රථම ආසියාතික රට ලෙස තායිවානය පත්වේ

ව්‍යවස්ථාදායක අධිකරණයේ තීන්දුව අනුව තායිවාන පාර්ලිමේන්තුව සාමකාමී විවාහ නීතිගත කරයි

තායිවාන පාර්ලිමේන්තුව සමකාමී විවාහ නීතිගත කිරීමට පක්ෂව මීට පැය කිහිපයකට පෙර ඡන්දය ලබා දෙනු ලැබුවා. ඒ අනුව සමකාමී විවාහ නීතිගත කෙරුණු පළමු ආසියාතික රට වශයෙන් තායිවානය ඉතිහාසගත වුනා. සමහරක් ආසියාතික රටවල ‘සිවිල් විවාහ’ සිදු කෙරුණද ඒවාට නීතිමය පිළිගැනීමක් නැහැ. අද සිට තායිවානයේ සමකාමී පුරවැසියන්ට විෂමකාමී පුරවැසියන්ට හිමිවන නීතිමය විවාහ අයිතිය ලැබෙනු ඇත.

2019 පෙබරවාරි 21 තායිවාන රජය සමකාමී විවාහ නීති ගත කිරීමට නීති කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ 2017 මැයි මාසයේ තායිවාන ව්‍යවස්ථාදායක අධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දෙමින් සමකාමී විවාහ අයිතිය පිළිගෙන රජයට එය නීති ගත කිරීමට මේ වසරේ මැයි 24 තෙක් කාලයක් ලබා දීමෙන් පසුවයි.

මෙමඟින් දරුවන් හදා වඩා ගැනීම හා කාලත්‍රයාගේ උරුමය වැනි විෂමකාමී විවාහ යුවළවලට ලැබෙන නීතියේ ආරක්ෂාව සමකාමී යුවලවලටද ලැබෙනු ඇති.

මහවැසි නොතකා තායිවානයේ LGBTIQ ක්‍රියාකාරීන් සහ සහයෝගය දක්වන්නන් රැසක් තායිපේ නුවර පාර්ලිමේන්තුව අසලට රැස් වී සිටියා.

ඡන්ද විමසුමට පෙර තායිවාන ජනපති ඇගේ ට්විටර් ගිණුමේ පණිවුඩයක් සටහන් කරමින් කියා සිටියේ ”ඉතිහාසගත ලෙස, ප්‍රතිශීලී සාරධර්ම නැඟෙනහිර ආසියාතික සමාජයේ මූලාරම්භයක් බවට ලෝකය පෙන්නුම් කිරීමට අද අපට හැකිවෙනු ඇත.” යනුවෙනි.

තායිවානයේ බුදුදහම හා ටාඕවාදය ප්‍රධාන ආගම් ලෙස පවතියි.


උපුටා ගැනීම – දේදුනු සංවාද

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button