දේශපාලන

රනිල් තනි තීරණයක් ගනියි…. රටෙන් කොටසක් ඇමරිකාවට

අක්කර ලක්ෂ 22කට වඩා වැඩි බිම් තීරුවක් කිසිදු අනුමැතියකින් තොරව සහ අත්තනෝමතික ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඇමෙරිකාවට ලබා දීමේ උත්සාහයක් ඇතැයි වාර්තා වේ.

අක්කරයක් මාසිකව රුපියල් 24 බැගින් ත්‍රිකුණාමලයේ සිට රට අභ්‍යන්තරයට වන පරිදි මෙම බිම් තීරුව ලබා දීමට සූදානම් බව ද සඳහන්.

ජාතික සමගි බලවේගයේ කැඳවුම්කරු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී මේ බව හෙළිදරව් කළේය.

ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා කිලෝමීටර් 200ක් දිගැති අඛණ්ඩව සරල රේඛීය ආකාරයට පිහිටන මෙම බිම් තීරුවට අක්කර ලක්ෂ 22කට වඩා භූමියක් අයත් වන අතර, එය ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ නමැති සමාගමට විකිණීමට සැරසෙන්නේ දැවැන්ත ඇමෙරිකානු ආර්ථික කලාපයක් ගොඩනැගීමට බව හෙතෙම සඳහන් කරයි.

මේ නිසා රටේ උතුර දකුණ වෙන් වෙන අතර මෙම කලාපය තුළ බලපැවැත්වෙන්නේ ඇමෙරිකානු නීතිය හා අමෙරිකානු ආධිපත්‍යය බව ඔහු කියා සිටී.

රටෙන් කොටසක් ඇමෙරිකාවට ලබා දීමේ මෙම ගිවිසුම අගමැති රනිල් වික්‍රමසිංහ සහ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සමාගම අතර අත්සන් කිරීමට නියමිතව ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button