පුරවැසි කොළම

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු හමුදා කඳවුරකට ආණ්ඩුව එකඟ වෙයි

ඔබට සතුටුද දැන්....?

ආදරණීය ජනතාවනි, තමන් දැඩි ලෙස විශ්වාස කළ තමන්ගේ නායකත්වය විසින් රටට හොරා සිදුකල මහා අපරාධයන්හි සුලමුල රටවැසියාට වසන් කලද, දැන් දැන් කරලියට නැගෙමින් තිබේ. නුඹට සියල්ල අහිමි වුවද, මතු පරපුරට හෝ පය ගසා සිටීමට රටක් අවැසි බව සිතන්න. මේ රට තවත් හයිටියක් කරන්නට ජනතා ද්‍රෝහී දේශපාලුවන්ට ඉඩ දෙන්න එපා. මෙය තීරණාත්මක මොහොතකි. 71 වසරක් රට රැවටු පාපිෂ්ඨ දේශපාලනයට නිමාවක් ගෙන ඒමට පෙරට එන්න.

ශ්‍රී ලංකාව සමග ඇතිකරගත් ගිවිසුමට අනුව “ත්‍රස්තවාදය විනාශ කිරීම” සඳහා සහයෝගිතාවයෙන් කටයුතු කිරීමට ඇමෙරිකානු හමුදා කඳවුරක් ඉදිකිරීමේ අවස්ථාව උදා වී ඇත.

Sri Lanka gained a spot after the country agreed to house a US military base to cooperate in the fight against terrorism.

මෙවැනිම ත්‍රස්තවාදයක් ඇමෙරිකානුවන් විසින් ලිබියාවේ, ඇෆ්ගනිස්තානයේ, ඉරාකයේ, සිරියාවේ මැඩපැවැත්වූ බව අමතක නොකරන්න…. සදාම් හුසේන් ගේ මහා පරිමාන න්‍යෂ්ඨික හා ජීව විද්‍යාත්මක අවි විනාශ කිරීමට පැමිණි ඔවුන් ඒ කිසිවක් සොයාගත නොහැකි වුවද, එරට තෙල් නිධි වසර හතක් පුරා බින්දුවට හිංදු බව රහසක් නොවේ. ඇමෙරිකානු ත්‍රස්ත මර්ධනය යනු අරමුණු දහසක ව්‍යාපෘතියකි. එයට ඉඩ ප්‍රස්ථාව ලබා දුන්නේ එරට පුරවැසියන් හා මේ රටේ අමන දේශපාලුවන් විසිනි.


රසල් බණ්ඩාරවත්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button