විද්‍යාව

whatsapp ඔත්තු බලන හැකර්ලා

watsapp සමාජ මාධ්‍ය මගින් සිදුවන දෑ අනවසරයෙන් නිරික්ෂණය කිරීමට ඔත්තු බලන හැකර්වරුන්ට හැකිවී ඇතැයි වාර්තා වෙයි.

මෙවැනි ආකාරයේ අනවසර ඇතුළුවීම් මෙම මස මුලදී සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ජංගම දුරකථන සහ වෙනත් විද්‍යුත් උපකරණ මගින් watsapp සමාජ මාධ්‍ය පිළිබඳව දුරස්ථව සිට ඔත්තු බැලීමට හැකර්වරුන්ට හැකිවී ඇති බව තහවුරු වී තිබේ. දුරස්ථව සිට මෘදුකාංගයකින් භාවිතා කරන්නන්ගේ ගිණුම් වෙත පිවිස මෙසේ එම තොරතුරු නිරීක්ෂණය කර ඇති බවට වාර්තා වෙයි.

අදාළ මෘදුකාංගය නිර්මාණය කරනු ලැබ ඇත්තේ, ඊශ්‍රායලය මූලික කරගත්, අමෙරිකානු අයිතිය ඇති ආරක්ෂක සමාගමක් විසින්. එය එන්.එස්.ඕ. නමැති සමාගමක් බවයි, අමෙරිකානු ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත අනාවරණය කරන්නේ.

ඔවුන් එම watsapp තොරතුරු ග්‍රහණය කර ගැනීමට උත්සහ කර ඇති බැවින් යෙදවුම් යාවත්කාලීන කරන ලෙස ග්‍රාහකයන් ඉල්ලා සිටියි. watsapp අයිති Facebook සමාගම පවසන්නේ ඉන් පිරිසකට බලපෑම් එල්ල වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button