විශේෂාංග

මුස්ලිම් සමාජය වෙත සිදු කෙරෙන සාධනීය යෝජනාවක්. වඩාත් මානුෂවාදීම යෝජනාවක්….

කතෝලිකයන් සහ කතෝලික ආගම මෙරට මුල්බැසගන්න හේතු වුණෙත් උපක්‍රමශීලී මිෂනාරි ව්‍යාපාර සහ අපේ හිටපු භික්ෂු සමූහයේ මෝඩ කතන්දර…. වෙරළබඩපුරා එහෙම වෙනස් වුණේ ආගම පරිණාමයට ලක්වෙනවාට තිබ්බ නොකැමැත්ත….

නමුත් මිෂනාරී ව්‍යාපාර ඉතා ඉක්මනින් සිංහල ජන විඥානය අල්ල ගත්තා. පාලි බසින් බයිබලය මුද්‍රණය කරා. බෞද්ධාගමිකයන්ට ආවේණික වචන කතෝලිකකරණය කරා, ඒ වගේම ඊට ආවේණික භාෂාවක්, වචන මාලාවක් නිර්මාණය කරා…. එබැවින් එම සම්ප්‍රදායට අනුගත වෙන්න අමාරු වු⁣ණේ නෑ…. 70 දශකයෙදි ලතින් භාෂාව පවා ඔවුන් පාවිච්චිය නැති කරල දැම්මා….

අපි…? අපි ඒ අයගේ දහම් පාසල, භක්ති ගීත, අරව මේවා උස්සල අපේ කරගත්තා…. පාලි මන්තර ජපකරනව වගේ ඔහේ පිරිත් කිය කිය ඉන්නව තේරුමක් දන්නේ නැහැ…!

මුස්ලිම් අය…?
ඒ අය මුකුත් කරේ නෑ…. ගුප්ත සම්ප්‍රදාය දිගටම ගෙනිච්චා…. පල්ලි ඉබි යතුරු දැම්මා…. වෙන්නෙ මොනවද ලෝකෙට විවෘත වුණේ නැහැ. භාෂාව අරාබි විදියට ගෙනිච්චා…. ඉතින් මිනිස්සුන්ට මේ දේවල් සැක සහිත වුණා.

මුස්ලිම් අයට තියෙන්නෙ තමුන්ගේ දේශනා සියල්ල සිංහල හෝ දෙමළ භාෂාවට අරගන්න එක. ඒ කටයුතු ඒ භාෂාවලින් කරන එක…. අලුත් වචන සිංහලයෙන් හදල ප්‍රචාරය කරන එක…. මේ රටේ සංස්කෘතියට අනුගත නොවුණු ආගම් ජනතාවගේ සැකයට කෝපයට ලක්වීම ස්වාභාවිකයි….

කතෝලික ආගම රෝමයට ගියේ නැත්තං ඒකත් මුස්ලිම් ආගම වගේම වෙන්න තිබ්බා…. ආගම රෝමයට ගිය නිසා ඒකට අලංකාරය, ලස්සන, සාටෝපය, උත්සව ආදිය එක්කළා. මුස්ලිම් අයගෙ මෙහේ කිසිම උත්සවයක් නෑ. පල්ලි ගිහින් ඇවිත් කාලා බීල ඉන්නව මිස…. අරාබියට ඕන විදියට නෙවෙයි, මේ රටට ඕන විදියට ඒක හැඩගස්වන එක ඔය නායක උලමාවරු මවුලවිවරුන්ගේ වගකීම. මොකද අපි බෞද්ධයො විදියට කතෝලික සම්ප්‍රදාය දන්නව..මුස්ලිම් සම්ප්‍රදාය ආගන්තුකයි තවමත්…. වසර 1000කට එහා ඒ ආගම ලංකාවට ඇවිත්….

මේක බහුතරය සිංහල-බෞද්ධ නිසා මේක සිංහල-බෞද්ධ රටක්…. ඉතින් මේකෙ ඉන්න හැමෝම ශ්‍රී ලාංකිකයො මිස සිංහල-බෞද්ධ වෙන්න ඕනි නැහැ…!


මනෝරම වීරසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button