දේශපාලන

“ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ – ශ‍්‍රී ලාංකිකයින්ගේ රටක්”

- මංගල සමරවීර

ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොව ශ‍්‍රී ලාංකිකයින්ගේ රටක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාතරදී එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන නියෝජිතයින් සමග පැවැති හමුවක් අමතමින්.

එහිදී “මටත් පුළුවන් ඕන නම් සමහර අය වගේ කාඩ්බෝඩ් වීරයෙක් වෙන්නනම් කියන්න…. මේ ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක්…. ඒක නිසා තමුසෙලාට ඕන විදිහට ජීවත් වෙන්න බෑ කියලා. නෑ මම කියනවා ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක් නෙමෙයි…. ශ්‍රී ලාංකිකයන්ගේ රටක්. ඒ ශ්‍රී ලාංකිකයන්ගේ රටේ බහුතරය සිංහල බෞද්ධ. අපි බහුතරය වුණ පළියට අපේ මතය කාගෙවක් පිට උඩ පටවන්න බෑ.” යනුවෙන්ද ප්‍රකාශ කළා.

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයත් සමග සංචාරක කර්මාන්තයට එල්ල වූ බලපෑම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.

එහිදී “හැබැයි හොඳ වෙලාවට මේ සිද්ධිය සිදු වුණේ සංචාරකයින් වැඩිපුර නොඑන කාලේ. දැන් ඉඳලා ඉදිරි මාස හය හත වෙනකම් යළි වතාවක් ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට අපිට කල් ලැබිලා තියෙනවා.” යනුවෙන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button