දේශීය

බස් රියදුරෙකුට උල් ආයුධයකින් පහර දීමක් හේතුවෙන් නාවලපිටිය ඩිපෝවේ රියදුරන් වර්ජනයක

නාවලපිටිය බස් නැවතුම්පොලේදි පෞද්ගලික බස් රථයක රියදුරෙකු විසින් ලංගම බස් රථ රියදුරෙකුට උල් අයුධයකින් ඇණ තුවාල කලේයැයි කියන සිද්ධියක් පදනම් කර ගනිමින් නාවලපිටිය ලංගම ඩිපෝවේ සේවකයෝ අද (11) ධාවනය කටයුතු වලින් තාවකාලිකව ඉවත් වි ඇත.

මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් සහ මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු ලංගම බස් රථයක රියදුරන් අතර නාවලපිටිය බස් නැවතුම්පොල භුමියේදි අද උදැසන 7.30 ට පමණ රියදුරන් දෙදෙනා අතර ඇති වු බහින් බසින් විමක් දුර දිග යාමෙන් පෞද්ගලික බස් රථයේ රියදුරා විසින් ලංගම බස් රථයේ රියදුරාට බස් රථයේදිම උල් ආයුධයකින් ඇණ තුවාල සිදු කලේ යැයි කියන සිද්ධියකින් තුවාල ලැබු ලංගම බස් රථ රියදුරා නාවලපිටිය මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ඇත.

උල් ආයුධයකින් ඇණ තුවාල සිදු කලේ යැයි කියන පෞද්ගලික බස් රථයේ රියදුරා බස් රථය හැටන් දක්වා ධාවනය කරවන අතරතුර ගිනිගත්හේන පොලිසිය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන නාවලපිටිය පොලිසිය වෙත භාර දි ඇත.

මෙම සිද්ධියට විරෝධය පා නාවලපිටිය ඩිපෝවේ සේවකයන් ධාවන කටයුතු වලින් ඉවත් වි තමන්ට නිසි ආරක්ෂාවක් ලබාදෙන බවට ඩිපෝවේ පාලන අධිකාරිය සහතතියක් ලබාදෙන තෙක් තමන් ධාවනය කටයුතු වලින් ඉවත් වන බවටයි ඔවුන් කියා සිටින්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.


ශානක ප්‍රසාද්
ජනයුගය – නාවලපිටිය වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button