දේශපාලන

සංගීත උත්සව සහ ප්‍රිය සම්භාෂණ රැසකට – පාස්කු ප්‍රහාරයෙන් පසු ජනාධිපති චීනයට යයි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ලබන සතියේ චීනයේ සංචාරයක නිරත වේ.

චීන ජනාධිපති ෂී ජින් පින්ගේ ආරාධනාවකට අනුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන චීනයේ සංචාරයක නිරත වන්නේ ආසියානු කලාපයේ ශිෂ්ඨාචාරයේ සංවාදය සමුළුව සඳහා සහභාගී වීම සදහාය.

චීන සමූහ ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍යාංශය යුනිස්කෝ සංවිධානය සමග ඒකාබද්ධව සංවිධානය කරන මෙම සමුළුව ලබන 15 වනදා චීනයේ බීජිං අගනුවරදී පැවැත්වේ.

චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඇරඹෙන සමුලූව උප සැසිවාර හයකින් සමන්විත වන අතර
ආසියානු සංස්කෘතික සංදර්ශනය, ආසියානු ශිෂ්ඨාචාරය (සංස්කෘතිය) සතිය සහ ආසියානු ආහාර උත්සවය සමුළුවට සමගාමීව පැවැත්වෙන ප‍්‍රධාන අංශ ලෙස දක්වයි. ලෝක නායකයින් ඇතුලූව ඉහලම රාජ්‍ය තාන්ත‍්‍රිකයින් 1500ක් සමුළුව සදහා ආරාධනා ලැබ සිටිති.

ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විදේශ සංචාරයක් සදහා නිර වන පළමු අවස්ථාව මෙය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button