විදේශීය

පූජක – ළමා ලිංගික අපයෝජන ගැන දැනුම් දීමත් ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමත් අනිවාර්යයි

පූජක – ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් ඉතා දැඩි නව නීතියක් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රකාශයට පත් කරයි. එතුමා ඊයේ (මැයි 9) ප්‍රකාශයට පත් කල නව නීතියට අනුව ළමා ලිංගික අපයෝජනයක් හෝ තවත් කෙනෙකු විසින් කරන ලද අපයෝජනයක් සැඟවීමට සභා ශ්‍රේෂ්ඨයකු ක්‍රියා කළ අවස්ථා පිළබඳ සැකයක් ඇති වූ විට ඒවා ගැන වාර්තා කිරීම සෑම පුදැදුරු වරයෙකුටම සහ සෑම පැවිදි වරයකුට හා පැවිදි වරියකටම අනිවාර්ය කර තිබේ.

අපයෝජන සම්බන්ධයෙන් ලැබෙන දැනුම් දීම් හෝ වාර්තා කිරීම් සමබන්ධයෙන් ක්‍රියා කිරීමේ ලෝක ව්‍යාප්ත පිළිවෙතක් ද මෙම නීතිය මගින් හඳුන්වා දී ඇත. මෙම චෝදනා පිළිබඳව විමර්ශනය කොට අදාළ පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් වරදකරුවන් වන්නේ නම් ශාසන නීතිවලට අනුකුලව ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම අදාල ශාසනික කලාපයේ අගරදගුරු තුමන් වෙත පවරා තිබේ. අවශ්‍ය අවස්ථාවල විමර්ශන සඳහා ගිහි විමර්ශකයන් යොදා ගත හැකි බව නව නීතිවල සඳහන් වේ.

නව නීතිය ක්‍රියාත්මක වීම ආරම්භ වන්නේ ජුනි මස 1 දායි. එහෙත් මෙම නීතිය අනුව මීට කළින් තමන් දැන සිටි හෝ එවැන්නක් සිදු වූ බවට විශ්වාස කළ හැකි අවස්ථා තමන් දන්නේ නම් ඒවා ගැන දැනුම් දීමට සියලු පැවිදිවරුන් හා පැවිදි වරියෝ ද සියලු පුදැදුරුවරු ද බැඳී සිටිති.

මෙම නම ව්‍යවස්ථාව නම් කර ඇත්තේ “ඔබ ලෝකයේ ආලෝකයයි” (“Vos estis lux mundi” – “You are the light of the world”) යනුවෙනි.

“ලිංගික අපචාර අපරාධ අපගේ ස්වාමීන් වහන්සේට වේදනාවකි. එම අපචාර ඊට ගොදුරු වන්නන්ට ශාරීරික, මානසික සහ ආධ්‍යාත්මික වශයෙන් හානි කරන අතර විශ්වාසිකයන් ගේ සංඝයට ද පීඩා ඇති කරයි,” යි එම නීතිය ඇතුළත් කුඩා අපෝස්තලික සංදේශයේ හැඳින්වීමේ ශුද්ධෝත්තම පියතුමා කියයි. ” මෙම ප්‍රපංචය එහි සියලු ආකාර වලින් යළි කිසිදා සිදු නොවනු සඳහා හදවත් වල ගැඹුරු සහ අඛණ්ඩ සිත් හැරීමක් අවශ්‍ය වන අතර සභාවේ සෑම කෙනෙකුම සම්බන්ධ කරගන්නා මූර්ත සහ ඵලදායී ක්‍රියාකාරකම් මගින් ඊට සාක්ෂි දැරිය යුතුව තිබේ,”

යැයි එතුමා පෙන්වා දී තිබේ.

පළමු කොටසට ඇතුළත් වන්නේ අපයෝජන සහ ඒවා සඟවා තබා ගැනීම සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම ගැනයි.

මේ අනුව “අපයෝජනයක් සිදු වූ බවට හෝ සිදු කරන ලද අපයෝජනයක් සඟවා තබා ගන්නා බවට දැනුම් දීමක් ලැබේ ඇති හෝ එවැන්නක් සිදු වී තිබෙන බවට විශ්වාස කල හැකි බවට පදනමක් සහිත යහපත් චේතනාන්වෙන් යුත් සෑම පුදැදුරු වරයෙකුම සහ පැවිද්දෙකුම” තමා දන්නා එම කාරණා අදාළ පදවියේ රදගුරු තුමාට හෝ පැවිදි පංතියේ ශ්‍රේෂ්ඨයන්ට ඒ සම්බන්දයෙන් වාර්තා කිරීමට බැඳී සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button