විශේෂාංග

ISISලාට දූවිලි වනතුරු පහර දෙන ‘මරණයේ දූතයා’

දුටු පමණින් ත්‍රස්ථවාදියෙක් ලෙස පෙණුනත් අයි එස් ත්‍රස්ථවාදීන්ගේ “මාරයා” වූ ඉරාක යුධ පිටියේ වීරයායි මේ. සැබෑ නම අය්යුබ් ෆල්හ් හශාන් අල් රුබෙයියා නම්වූ මොහුව හඳුන්වන්නට යෙදෙන අන්වර්ථ නාම කිහිපයකි. අබු අස්රේල් නමින් සුප්‍රසිද්ධ මොහු ඉරාකයේ රම්බෝ නමින්ද හඳුන්වයි. අබු අස්රේල් යන්නෙහි සිංහල තේරුම වන්නේ “මරණයේ දූතයා” යන්නයි.

1978 වසරේ ඉරාකයේ උපත ලබන 41 හැවිරිදි අබු මේ වන විට ඉරාක හමුදා අණ දෙන නිළධාරියෙකු ලෙස තම සේවය ලබාදෙමින් සිටිනවා. තම රාජකාරි ගිණි අවි වලට අමතරව තමන්ට ආවේණික වූ පොරවක් සෑම විටම ළඟ තබාගන සිටින මොහු කිසිඳු බියකින් තොරව අයි.එස් ත්‍රස්ථ ගුහා තුළට කඩා වැදී එවා තුළ සිටින ත්‍රස්ථයින් තම පොරොවෙන් කොටා මරා දමනවා. ඔහුගේ ප්‍රියතම ත්‍රරස්ථ ඝාතන ක්‍රමය වන්නේ එය බව ඔහු වරෙක මාධ්‍යයට පවා පවසා තිබෙනවා. මේ වන විට අබු අතින් ඝාතනය වූ අයි.එස් ත්‍රස්ථයින් ප්‍රමාණය 2000 කට ආසන්න වනවා. යුධ පිටියේ ඉරාක රම්බෝ ලෙසින්ද හඳුන්වන මොහු සහභාගි වන සටනකට සහභාගි වීමට ලැබීම පවා උද්යෝගිමත් හා දෛර්යමත් එකක් බව අනෙකුත් සොල්දාදුවන් පවසා තිබෙනවා.

අයි.එස් ත්‍රරස්ථයින් යමෙකුට බියක් දක්වන්නේ නම් ඒ අබු පමණි. පස්දරු පියෙකු වූ අබු ශියා මුස්ලිම් වරයෙකි. සටන් බිමේදී අයි.එස් ත්‍රස්ථයින්ට එදිරිම තම අවි මෙහෙයවමින් ගරිල්ලා සටන් ක්‍රමයක් හසුරුවන අබුගේ සටන් පාඨය වන්නේ “ඉල්ලා තහීම්” යන්නයි. එහි සිංහල තේරුම “දූවිලි වෙනතුරු පහර දෙමි” යන්නයි. අයි.එස් ත්‍රස්ථයින් මෙලොවින් තුරන් කිරීම හා ඒ වෙනුවෙන් තම දිවි තිබන තුරු සටන් කිරීම අබු අස්රේල්ගේ එකම අරමුණයි.


හසිත හේරත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button