දේශීය

‘සිරිපාගම’ – මත්පැන් ජාවාරම සහමුලින්ම තුරන් කරන ලද ශ්‍රී ලංකාවේ එකම ගම ලෙස වාර්තාගත වේ

ජනාධිපතිතුමාගේ සංකල්පයක් වන මතට තිත වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමට රත්නපුර දිස්ත්‍රික්කයට අයත් සිරිපාගම පොලිස් ස්ථානය කටයුතු කර ඇතැයි සිරිපාගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න නානායක්කාර මහතා සඳහන් කළා .

මෙම වැඩසටහන අකුරට ක්‍රියාත්මක කිරීමත් සමග ප්‍රදේශයෙ තිබූ මහා පරිමාණ සහ කුඩා පරිමාණ බෙදාහැරීම ජාවාරම ළඟ තබා ගැනීම හා විකිණීම සහමුලින්ම තුරන් කිරීමට සමත් වී තිබේ .

මෙසේ තුරන් කිරීමත් සමග ප්‍රදේශය පුරා ඉතා සාමකාමී වාතාවරණයක් නිර්මාණය වී තිබෙන බව සඳහන් .

පසුගිය වසර තුළ පමණක් බාල අපරාධ, පහරදීම්, ගෙවල් බිඳීම් හා සොරකම් හා විවිධ පැමිණිලි 14ක් ලැබී තිබූ බව පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළා.

එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙම ප්‍රදේශයේ මෙම වර්ෂය තුළ බල අපරාධ කිසිවක් අද වන විට වාර්තා වී නොමැති බව ඒ මහතා සඳහන් කළා.

පසුගිය වසර තුළ මෙම බාල අපරාධවලට මූලික වී ඇත්තේ නීති විරෝධී මත්පැන් බව පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිස් ස්ථානාධිපතිවරයා අපට වැඩිදුරටත් සඳහන් කළා.

අද වන විට දිවයිනේ නීති විරෝධී මත්පැන් ජාවාරම සහමුලින්ම තුරන් කරන ලද එකම පොලිස් ස්ථානය සිරිපාගම පොලිස් ස්ථානය බවට අප කළ සොයා කළ බැලීමකදී අනාවරණය වී තිබෙනවා.

දිවයින තුළ ඇති අනිකුත් පොලිස් ස්ථාන වලද මෙම වැඩසටහන අකුරටම ක්‍රියාත්මක කිරීම සිදු කළහොත් දිනෙන් දින වැඩිවන අපරාධ අඩු කර ගත හැකි බව සිරිපාගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න නානායක්කාර මහතා ප්‍රකාශ කළා.


ජි ඒ.එස් ගමඇතිගේ
ජනයුගය – පැල්මඩුල්ල වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button