දේශීය

ශ්‍රි ලංකා ගම්මිරිස්වල මාරයාත් ISIS බෝම්බ කරුවන්ග් පියා බවට සැකයක්

ශ්‍රී ලංකාවේ ලේබලය යටතේ ව්‍යාජ ලෙස වියට්නාමයේ ගම්මිරිස් තොග ඉන්දියාවට ප‍්‍රති අපනයනය කළ ව්‍යාපාරිකයා ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා වන මොහොමඩ් යූෂුෆ් මොහොමඩ් ඉබ්‍රාහිම් බව කෘෂි ආරංචි මාර්ග පවසයි.

මේ මගින් ඔහු ඩොලර් මිලියන ගණනක අයුතු ලාභයක් ලබාගෙන ඇති බවද එකී ආරංචි මාර්ග පවසයි.

මේ අතර 2015 වසරේ පටන් ඔහුට අයත් ‘ඉෂානා එක්ස්පෝර්ට් ප‍්‍රයිවට් ලිමිටඩ්’ නම් සමාගම මගින් අපනයනය කරන ලද කුළුබඩු වර්ගවල ප‍්‍රමාණයන්ගේ අසාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කරන බවද රේගු ආරංචි මාර්ග කියා සිටී.

මෙසේ ඔහු විසින් අපනයනය කරන ලද ගම්මිරිස් ප‍්‍රමාණයන් ශ්‍රී ලංකාවේ සමස්ත වාර්ෂික අස්වනු ප‍්‍රමාණයටත් වඩා වැඩි බවද එකී ආරංචි මාර්ග කියයි.

ශ්‍රී ලංකාවේ වාර්ෂික ගම්මිරිස් ඵලදාවේ සාමාන්‍යය මෙට්‍රික් ටොන් 20,000 කි. එනමුත් 2015 වසරේ ඔහු විසින් ඉන්දියාවට හා පකිස්ථානයට මෙට්‍රික් ටොන් 1078 ක් ද, 2017 වසරේදී මෙට්‍රික් ටොන් 1280 ක් හා 2018 වසරේදී මෙට්‍රික් ටොන් 500 ක් වශයෙන්ද අපනයනය කර ඇත.

ඒ අනුව නියත වශයෙන්ම මේ පිටුපස දැවැන්ත ප‍්‍රති අපනයන ජාවාරමක් කි‍්‍රයාත්මක වන බවද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ බලධාරීන් ඉන්දියානු රජය ද රවටා මෙම ව්‍යාපාරය කර ඇති බවද කෘෂි විද්වත්හු පෙන්වා දෙති.

සංඛ්‍යා ලේඛන රටට ද වසං කර ඇති බැවින් අදාළ අපනයන ප‍්‍රමාණයන් හා පුද්ගලයන්ගේ තොරතුරු දැනගැනීම සඳහා ඉන්දීය රේගුවේ සහාය ලබාගැනීමට සිදුව ඇති බවද ඔවුහු වැඩිදුරටත් කියා සිටිති.


ජගත් කණහැරආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button