දේශපාලන

“ප්‍රශ්නයෙන් ගැලවෙන්න පොලිස්පති හා ආරක්ෂක ලේකම් බිලි දුන්නා”

- සරත් ෆොන්සේකා

ආරක්ෂක වැඩ පිළිවෙල සම්බන්ධයෙන් වු ප්‍රශ්නයෙන් ගැල වීම සඳහා පොලිස්පති හා ආරක්ෂක ලේකම් බිල්ලට දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ‍ෆොන්සේකා පවසයි.

සරත් ෆොන්සේකා ඊයේ(01) පස්වරුවේ මහනුවර අස්ගිරි මල්වතු මහනායක හිමිවරු හමුවීමට ගිය අවස්ථවේ මේ බව පවසා ඇත.

පොලිස්පතිවරයාට යම් අසාධාරණයක් සිදුව ඇති බවත්, බුද්ධි නිලධාරීන් විසින් ලිපි බෙදන ලැයිස්තුවක් ඇති බැවින් නිසැකයෙන්ම එය ජනපති අතට පත්ව ඇති බව ද සරත් ෆොන්සේකා පැවසීය.

රටේ භීෂණයක් හට ගෙන ඇති ‍මොහොතක යම් යම් අය අත් හෝදා ගනිමින් තනතුරුවලින් පහකිරීම විසඳුමක් නොවන බව ද සඳහන් කළ මන්ත්‍රිවරයා, පසුගිය යුද සමයේ ද සමහර නායකයින් අවශ්‍ය පියවර නොගත් නිසා මුළු රටම විනාශ වු බවත්, අද දවසේ ද එවැනි භයානක තත්ත්වයක් පවතින බව ද කියා සිටියේය.

සමහර බලධාරීන් ප්‍රතිරූපය හදා ගැනීම සඳහා තමන්ට බලතල ලබා දීමට පසුබට වන බවත්, අත්හදා බැලීම් කිරීමට කාලයක් නොවන බව ද පැවසු සරත් ‍ෆොන්සේකා, හැකියාව ඇති පරපුරුද්ද තියෙන අයට අදාළ තැන් බාර දිය යුතු බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button