දේශීය

ආනයනික කිරිපිටි සහ පළතුරුවල විශාල ගැටළුවක්

මෙරටට ආනයනික කිරිපිටි තොග ගණනාවක් නිසි මෙලමයින් පරීක්ෂාවෙන් තොරව වෙළෙඳපොළට නිකුත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය හමුවේදී කියා සිටියේ ආනයනික පලතුරු සම්බන්ධයෙන්ද ගැටලු පවතින බවයි.

එහිදී ඒ මහතා පැවසුවේ ආනයනය කරන ආහාරවල සුරක්ෂිතභාවයක් නොමැති බව තහවුරු තිබෙන බවයි.

විද්‍යාත්මක දත්ත මත නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටි මෙලමයින් පරීක්ෂා නොකර වෙළෙඳපොළට නිකුත් කරන බවයි ඒ මහතා ප‍්‍රකාශ කළේ.

ආනයනය කරන මිදි, දොඩම්, ඇපල්වල ලංකාව තුළ තහනම් වල්නාශකවල සංඝටක තිබෙන බවට තහවුරු වී තිබෙන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button