විද්‍යාව

අභ්‍යවකාශ ඉතිහාසයේ ප්‍රථම වතාවට කළු කුහරයක පළමු ඡායාරූපය නිකුත් කරයි

ඊයේ දිනයේදී අපට කළු කුහරයක ප්‍රථම ඡායාරූපය දැකගැනීමේ වාසනාව උදාවිය. අවුරුදු සිය දහස් ගණනක් සිය බුද්ධිය මෙහෙයවමින් විශ්වයේ රහස් සෙවූ අපට, මේ එක්තරා සුවිශේෂී සංධිස්ථානයක් වනු නියත ය.

M87 නම් ගැලැක්සිය මධ්‍යයේ පිහිටි මෙම කලු කුහරය සූර්‍යාගේ ස්කන්ධය මෙන් බිලියන 6.5 ගුණයකින් යුක්තය මෙම ඡායාරූපය ගැනීමට වසර 25ක් පමණ උත්සහ කර ඇත. මෙහි ඇති අදුරු සෙවනැල්ල Event horizon එකේදි ආලෝකය අතුරුදහන් වන තැනයි.

මේ ඡායාරූපය ලබාගැනීම අප කැමරාවකින් ඡායාරූපයක් ලබාගන්නවා මෙන් පහසු ක්‍රියාදාමයක් නොවේ. සුප්‍රසිද්ධ MIT ආයතනය පවසන පරිදි, සැතපුම් 8000ක දුර සිට බේස්බෝලයක ඇති මැහුම් ගණින්නාක් මෙන් වූ වැඩ කි, මේ. Event Horizon Telescope (EHT) ව්‍යාපෘතිය හරහා රේඩියෝ දුරේක්ෂ අටක් යොදාගෙන 2017 වසරේ අප්‍රේල් මාසයේ දින නවයක් තිස්සේ එක්රැස් කරගත් තොරතුරු, වසර දෙකක් පුරා සැකසීමෙන් අනතුරුව ය මේ ඡායාරූපය ගොඩනගන්නේ.

මේ ව්‍යාපෘතියෙන් ලැබෙන ප්‍රථිඵල මොනවාද ?.

ඒවා කාලය විසින් තීරණය කරනු ඇත. නමුත් අධික ගුරුත්වයක් අවට ස්වභාවික නියමයන් හැසිරෙන ආකාරය ගැන අවබෝධයක් ලබාගැනීමට මෙය මහඟු අවස්ථාවකි. ⁣කළු කුහරයක් වැනි ඉහළ ගුරුත්වයක් සහිත ස්ථාන වල භෞතික හැසිරීම් විස්තර කිරීම සඳහා ගැලපෙන්නේ අයින්ස්ටයින් ගේ සාපේක්ෂතාවාදය බව තහවුරු කරගැනීමට (හෝ නොවීමට) මෙය හොඳ අවස්ථාවක් වනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button