විදේශීය

ශාරුක්ට තවත් ආචාර්‍යය උපාධියක්

සුප්‍රසිද්ධ භාරත නළු ෂාරුක් ඛාන් එහෙමත් නැතිනම් කිං ඛාන් ඊයේ දවසේ තවත් ජයග්‍රහණයක් ලැබුවා. ඒ ඔහුගේ සිව්වන ආචාර්ය උපාධිය හිමිකරගැනීමයි. මෙම ගෞරව ආචාර්ය උපාධිය ඔහුට ලබාදි තිබුනේ ලන්ඩනයේ නිතිය පිළිබඳ විශ්ව විද්‍යාලයෙන් (University of Law in London). 2005 වසරේදී බෙඩ්ෆෝශෙයාර් විශ්ව විද්‍යාලයෙන්ද , 2015 වසරේදී එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙන්ද හා 2016 වසරේදී ජාතික උර්දු විශ්ව විද්‍යාලයෙන්ද ආචාර්ය උපාධි ත්‍රිත්වයක් ලැබ තිබූ අතර ඊයේ ලන්ඩනයේ නිතී විද්‍යාලය මගින් තවත් ආචාර්ය උපාධියක් ඔහුට පිරිනමනු ලැබූවා.

වසර ගණනක් තිස්සේ නළුවෙක් ලෙස ඔහු විසින් කල සේවය මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, රූපවාහිනී නිවේදකයෙක් ලෙස මෙන්ම ධානපතියෙක් ලෙස සිදුකල සේවාවන් ඇතුළුව “My Name Is Khan” චිත්‍රපටයේ රංගනයේ යෙදෙමින් ඉන්දියානුවන්ගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීම හා පෝලියෝ මර්ධණ හා එච්.අයි.වී මර්ධන ව්‍යාපාරවලට සෘජු දායකත්වයක් ලබාදීම වැනි කරුණු ගණනාවක් හේතුකොටගෙන ඔහුට මෙම ආචාර්ය උපාධිය පිරිනමා තිබුණි.

“ඔබට පුණ්‍ය කටයුතු කිරීමට අවශ්‍ය නම් එය නිශ්ශබ්දව හා ගෞරවයෙන් කරන්න. වාසිය හෝ ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන් කිසියම් වූ දෙයක් කිරීම එතරම් හොඳ දෙයත් නොවේ”. තම සිවු වන ආචාර්ය උපාධිය ලබමින් ශාරුක් ඛාන් තම ස්තූති කතාවේදී ප්‍රකාශ කරනු ලැබූවා.


හසිත හේරත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button