විශේෂාංග

වසර 77 කට පෙර අද වැනි දිනක(05) ජපනුන් විසින් කොළඹට බෝම්බ දැමූ වගයි, මේ සටහන ඒ ගැනයි

දෙවන ලෝක යුද්ධය දරුණුවටම පැවති කාලයක් වූ 1942 වර්ශයේ මැද භාගය වන විට යුරෝපීය යටත් විජිත වශයෙන් පැවති සිංගප්පූරුව ජාවා, සුමාත්රා ආදි අග්නිදිග ආසියා ප්රදේශ අල්ලා ගත් ජපන් හමුදා ඉන්දියන් සාගරයටද පිවිසියහ. ජර්මනිය හා මිත්ර සන්ධානයක් ගොඩ නගාගෙන සිටි ජපානය මිත්ර රටවල් වූ අමෙරිකාව,රුසියාව මා බ්රිතාන්යය සමග වෛර බැඳගෙන තිබිණ. ජපන් හමුදා විසින් බ්රිතාන්යයන් ගේ වැදගත් හමුදා මුලස්ථානයක් වූ සිංගප්පූරුව අල්ලා ගැනීමත් සමග දකුණු ආසියාවේ ප්රධාන බ්රිතාන්ය හමුදා මුලස්ථානය වූයේ කොළඹ විය.

බ්රිතාන්යය නාවික හමුදාව ඉන්දියන් සාගරයෙන් පලවා හැර ඉන්දියාව ඇතුලු බ්රිතාන්යය යටත් විජීත අල්ලා ගැනීමට නම් නිසැකයෙන්ම ලංකාවේ ස්ථාපනය කර තිබු බ්රිතාන්යය ගුවන් හා නාවික කදවුරු වලට පහර දිය යුතු බව වටහා ගත් ජපන් හමුදාව කොළඹට පහර දීමට පිඹුරුපත් සැකසීය. ජපාන ප්රහාරයක් එල්ලවිය හැකි බව කලින්ම අනුමාන කර තිබූ බ්රිතාන්ය හමුදා ප්රධානීන් කොළඹ ගුවන් හමුදා කදවුරට අමතරව රත්මලාන හා කොග්ගලද ගුවන් හමුදා කදවුරු බවට පත් කෙරීය. ජපන් ගුවන් හමුදාවේ සැලසුම වශයෙන් ඉදිරිපත් වූයේ කොළඹ වරායට හා කොළඹ අවට පිහිටි ගුවන් හමුදා කදවුරුවලට පහර දී බ්රිතාන්ය යුධ බලය අඩපණ කිරීමයි.

ජපන් ගුවන් හමුදාව කොළඹට පහර දීම සැලසුම් කර තිබුනේ ඇමරිකාවට අයත්ව තිබූ පර්ල් වරායට පහර දුන් සැලසුමට සමාන අයුරිකිනි. පර්ල් වාරායට පහරදීමට සහභාගී වූ බොහෝ ජපන් ගුවන් නියමුවන් කොළඹට වරායටද පහර දීමට ද එක් විය.

1942 අප්රේල් මස 5 වන දින ලංකාවේ බටහිර මුහුදු තිරයට පිවිසි අද්මිරාල් “චුයිචි නෙගුමෝගේ” නායකත්වයෙන් යුතු විශාල ජපන් නාවික කණ්ඩායමක් ප්රහාරය සදහා සූදානම් වූ අතර ලංකා මුහුදු තීරයේ මුර සේවයේ යෙදී සිට ලෙනාර්ඩ් බර්චෝල් නම් කැනේඩියානු ගුවන් නියමුවා ප්රහාරයට පෙර ජපන් නාවික කණ්ඩායම දැක තිබුනු බැවින් ජපන් ගුවන් නියමුවන් ලෙනාර්ඩ් බර්චෝල්ගේ ගුවන් යානයට පහර දී බිම හෙළුෑ නමුත් ඔහු තම යානය කඩාවැටීමට මොහොතකට පෙර රේඩියෝ පණිවුඩයක් මගින් ජපන් නාවුක හමුදාව මුහුදේ ස්ථාන ගත වී සිටි ආකාරය පිලිබද කොළඹට දන්වා තිබිණ.

ජපන් නැව් වලින් ගුවන් ගත වූ ප්රහාරක ගුවන් යානා උදෑසන 7.30 පමණ බොරැල්ල ආසන්නයට බෝම්බ දැමීමත් සමග ජපනුන්ගේ ප්රහාරය ආරම්භ වී තිබිණ. මුළු කොළඹ පුරාම ඇතිවූ භීතිය දෙගුණ තෙගුණ වූගේ අහසින් වැටුනු ගුවන් බෝම්බ එකිනෙක වැඩිවීමත් සමගය. ඒ අතර කොළඹ වරායේ නවතා තිබු HMS Hector යන මගී නෞකාව සහ HMS Tenedos නම් බ්රිතාන්ය යුධ නැව ජපන් ගුවන් යානා විසින් බෝම්බ හෙලා ගිල්වා දමන ලදි.ඉතා දරුණු ප්රහාර ගණනාවකින් පසුව බ්රිතාන්යය ගුවන් යානා 27 විනාශ වී තිබූ අතර ජපන් ගුවන් යානා 5 ක්ද පහර දී බිම හෙළා තිබිණ.මෙයින් බ්රිතාන්ය නාවික භටයින් 500කට අධික ප්රමාණයක් ද සාමාන්ය ජනතාව 85ක් ජීවිතක්ෂයට පත්වී 100 ට ආසන්න ප්රමාණයක් තුවාල සිදුවී තිබින.

කොලොන්නාව තෙල් ටැංකි සංකීර්ණයට පහර දීමට පැමිණි ජපන් ගුවන් යානා වැරදීමකින් කොළඹ මානසික රෝහලට(වර්ථමාන ගුවන්විදුලි සංස්ථා පරිශ්රය) බෝම්බ හෙලා තිබූ අතර එයින්ද ජීවිත විශාල ප්රමාණයක් අහිමි වී තිබිණ. මේ අතර ලංකාවට සමීපව නිරිත දිග මුහුදු තීරයේ යාත්රා කරමින් තිබු Dorsetshire සහ Cornwall යන යුධ නැව දෙකටද පහර දී ගිල්වා දැමිමට ජපන් ගුවන් යානා සමත් වි තිබිණ.

එහෙත් ජපනුන් කොළඹට එල්ල කර ප්රහාරය එතරම් සාර්ථක එකක් නොවූයේ ඔවුන්ගේ ප්රධාන ඉලක්කය වු ලංකාවේ සථානගත කර තිබු නැගෙනහිර බ්රිතාන්යය නාවික බලකායට අදාල වූ නැවු,විශාල ප්රමාණයක් ප්රහාරය සිදුවන අවස්ථාව වන විට කොළඹ වරායේ නොතිබීම නිසා එයට පහර දීමේ අවස්ථාව ජපනුන්ට අහිමිව ගොස් තිබූ බැවින්, මෙන්ම කොළඹ බ්රිතාන්ය හමුදාව හමුවේ ප්රහාරය සදහා පැමිනි ජපන් ගුවන් යානා 25 පහර දී විනාශ කරගැනීමටද තවත් ගුවන් යානා 75 පමණ ගොඩ ගත නොහැකි සේ හානි සිදු කරගැනීමටද ජපන් ගුවන් හමුදාවට සිදුවී තිබිණ.

ප්රහාරයෙන් නිවැරදි ප්රථිපල නොලැබුනු ජපන් හමුදා එයින් දින 4 කට පසු අප්රේල් 9 වනදා ත්රිකුණාමලයටද මඩකලපුවටද බෝම්බ දැමීය.මීට පෙර එල්ල කල පර්ල් හාබර් ප්රහාරය හා මෙම කොළඹ ප්රහාරය නිසා කුපිත වූ ඇමරිකාව ජපානයට පරමාණු බෝම්බ දැමීමට ඉතා දැඩි තීරණයක් ගෙන තිබූ අතර 1945 අගෝස්තු මාසයේදී ජපානයයේ හිරෝෂිමාවට හා නාගසාකියට හෙළුෑ පරමාණු බෝම්බ නිසා ජපානය කොන්දේසි විරහිතව ඇමරිකාවට යටත් වීමත් සමග දෙවක ලෝක යුද්ධය නිමාවිය.

2019 අප්රේල් 05 වනදා එම ප්රහාරය සිදුවී 77 වසරක් සම්පූරණ වීම සිදුවේ….


හසිත හේරත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button