දේශීය

සංඝ සමාජයේ කුල අර්බුදය උග්‍ර වේ

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ උත්සවයේදී රාමඥ්ඥ සහ අමරපුර නිකායන්හි මහානායක ස්වාමීන්වහන්සේලාට පහත් අසුන් පැනවීමට ක්‍රියාකිරීම නිසා භික්ෂු සමාජය තුල යම් නොසන්සුන්තාවයක් වර්ධනය වෙමින් පවතින බව වාර්තා වනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) මහනුවර මගුල් මඩුවේදී මෙම උත්සවය පැවැත්වුණු අතර එහිදී මෙම අසුන් පැනවීමේ අර්බුදය ඇතිවී තිබේ.

ස්‍යාමෝපාලි මල්වතු මහාවිහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක ස්වාමින් වහන්සේට සහ ස්‍යාමෝපාලි අස්ගිරි මහාවිහාරය පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතනාභිධාන මහානායක ස්වාමින් වහන්සේට උස් ආසන පනවා අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේට සහ රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත නාපානේ පේමසිරි නායක ස්වාමින් වහන්සේට පහත් ආසන පැනවීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර ඇත.

මෙම උස් – පහත් ආසන පැනවීමට හේතුව සංඝ සමාජයේ නිකායන් අතර පවතින බරපතළ කුල ගැටුම බවයි වාර්තා වන්නේ.


නිව්ස් හබ් වෙබ් අඩවිය ඇසුරින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button