දේශීය

බෝගම්බරත් තුට්ටු දෙකට විකිණේ

ඩීල් එකට එජාප ලොක්කෝ සූදානම් ඇමැති කිරිඇල්ලටත් කොළේ වහලා, ආයෝජන ඇමැති රජ ගමනේ

බෝගම්බර හිරගෙදරට නව ව්‍යාපෘතියක් ගෙන එන බව කියමින් බෝගම්බර තුට්ටු දෙකට විකිණීමට ‘‘ඞීල්’’ එකක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

බෝගම්බර හිරගෙදර විදේශීය ආයෝජකයකුට විකිණීම අරමුණු කර ගෙන සිදුවන මෙම ව්‍යාපෘතිය පිළිබඳව මහනුවර එක්සත් ජාතික පක්‍ෂ නායකයා වන ලක්‍ෂමන් කිරිඇල්ල ඇමැතිවරයාවත් නොදන්නා බව අලූත්ගමගේ මහතා කීය.

ආයෝජන ඇමැතිවරයා ව්‍යාපාරිකයන් කණ්ඩායමක් මහනුවරට කැඳවා බෝගම්බර විකිණීමට අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කටයුතු කරන බවත් ඒ පිළිබඳව සොයා බලන ලෙස කිරිඇල්ල ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් අලූත්ගමගේ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ ඊයේ පැවති අයවැය කාරක සභා විවාදයේදී මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button