විද්‍යාව

හදිසියේ ලෝකය පුරාම Facebook, Instagram නවතියි….

ලොව පුරා ෆේස්බුක්, ෆේස්බුක් මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ වෙබ් අඩවි ජාලාවන් ඊයේ සවස අවහිර වුනා. මෙම සමාජ වෙබ් අඩවී ජාලාවන් හදිසියේ අකර්මන්‍ය වීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා ෆේස්බුක් සමාගම විසින් නිළ දැනුම් දීමක් සිදුකර නැහැ.

මෙම තත්ත්වය වැඩි වශයෙන් වාර්තා වෙන්නේ අමෙරිකාව, යුරෝපය, දකුණු අමෙරිකාව, මැදපෙරදිග සහ ආසියාවේ ඇතැම් රටවල් වලින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. වෙබ් අඩවි වලට අමතරව පාරිභෝගිකයින්ගේ ජංගම දුරකථන ඇප් (App) හරහාද මෙම සේවාවන් භාවිත කිරීමට නොහැකිවී තිබෙනවා.

ශ්‍රී ලංකාව තුලද මෙම සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි භාවිත කිරීමට යම් බාධා මතුවී ඇතිවී තිබුණා.

ලෝකයේ වැඩිම සමාජ මාධ්‍ය ජාල භාවිතා කරන පුද්ගලයින් සිටින අමෙරිකාව යුරෝපය රටවල ජනතාව මේ හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ඒ බව දක්වමින් ඔවුන් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ උපකාර පතමින් පණිවිඩ පවා නිකුත් කර ඇති අයුරු දක්නට ලැබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button