දේශීය

හැටන් ප්‍රදේශයේ මිනිසුන්ට බොන්න වතුර නැහැ, water board එකෙන් තේ කර්මාන්ත ශාලාවලට වතුර විකුණනවා

මධ්‍යම කඳුකරයේ මාස කිහිපයක් තිස්සේ පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ හැටන් ප්‍රදේශයේ ජල පාරිභෝගිකයන් විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත් වි සිටිනවා.

ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලයේ හැටන් කාර්යාලය මගින් ජල නල හරහා බෙදා හරින පිරිපහදු කළ ජලය ලබා ගනිමිනුයි හැටන් ප්‍රදේශයේ ජනතාව සිය දෛනික ජල අවශ්‍යතා සපුරා ගනු ලබන්නේ.

හැටන් ජල සම්පාදන මණ්ඩලයේ ජල ටැංකි වෙත ජලය ලබා ගන්නා ජල මුලාශ මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග සිඳීයාම නිසා ලබා ගන්නා සිමිත ජල ප්‍රමාණය පිරිපහදු කර ප්‍රදේශයේ සිය ජල පාරිභෝගිකයන්ට දිනක් හැර දිනක් සිමා කර පැය කිහිපයක් පමණක් ජලය නිකුත් කිරිමට ජල සම්පාදන මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

එසේ පිරිපහදු කරන ලද ජලය සාමාන්‍ය ජනතාව වෙත සීමිත ප්‍රමාණයක් ලබා දී, වැඩි ජල ප්‍රමාණයක් අවට තේ කර්මාන්ත ශාලාවල තේ නිෂ්පාදන කටයුතු සඳහා මුදලට අලෙවි කරන බවටද හැටන් ප්‍රදේශයේ ජල පාරිභෝගිකයන් වන සාමාන්‍ය ජනතාව චෝදනා කරනවා.

එම චෝදනා සම්බන්ධයෙන් සොයා බැලිමට අප හැටන් ජල සම්පාදන මණ්ඩය කාර්යයාලයට ගිය අවස්ථාවේ තේ කර්මාන්ත ශාලාවකට පිරිපහදු කළ ජලය රැගෙන යාම සඳහා පැමිණි බවුසරයකට ජලය පුරවන ආකාරය අප කැමරාවේ සටහන් වුණා.

එම දර්ශන පටිගත කිරිමේදි ජල සම්පාදන මණ්ඩල කාර්යාලයේ ආරක්ෂක අංශ නිලධාරින්ගෙන් මාධ්‍යයට දැඩි බලපැමක්ද එල්ල වුණා.

මෙම ගැටළුව සම්බන්ධයෙන් හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිලධාරියෙකුගෙන් අප කල විමසුමකට ඔහු පවසා සිටියේ ඕනැම අයෙකුට තම ජල සම්පාදන මණ්ඩලයේ පිරිපහදු කල ජලය මුදල් ගෙවා ලබා ගැනිමට හැකියාවක් ඇති බවයි.

හැටන් ප්‍රදේශයේ උග්‍ර පානීය ජල ගැටළුවක් පවතින නිසා ප්‍රදේශවාසින් මෙන්ම ප්‍රදේශයේ සංචාරක හෝටල් හිමියන් සහ ආපනා ශාලා හිමියන්ද දැඩි අපහසුතාවයන්ට පත් ව සිටිනවා.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button