කලා

“ගුරුවරුන්ගෙන් ගුටිකාලා තමයි මම හැදුණේ”

- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

පාසල් සමය තුළ තමන් ද ගුරුවරුන්ගේ දැඩි පහරදීම් වලට ලක් වූ බවත් එදා විඳි වේදනාව තමන්ට තවමත් මතක බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (11) මාතර කොකාවල මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින්.

“මගේ තාත්තා මාව පොලොන්නරු නගරයේ මහා විද්‍යාලයට දැම්මා. එක්තරා දවසක මම පන්තියේ කෑගැහුවා කියලා නගර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා විදුහල්පති කාමරයට එක්කන් ගිහිල්ලා, බිත්තියේ එල්ලලා තිබුණු වේවැල් මිටියෙන් එකක් අරගෙන මට ගහපු හැටි මට අදත් මතක් වෙනවා. කොච්චර රිදුණද කියලා මට දැනුත් දැනෙනවා ඒ වේදනාව. ඒ තරම් මං ගුටිකාලා තියෙනවා ගුරුවරුන්ගෙන්. අපි එහෙමයි හැදුණේ” යනුවෙන් කියා සිටියා.

තමන් හැදුණේ ගුරුවරුන්ගෙන් ගුටි කෑ නිසා බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ජනාධිපතිවරයා කුමන අර්ථයකින් මෙම කරුණු පැවසුවත් ශාරීරික දඬුවම්වලින් සිසුන් හික්මවිය නොහැකි බවට සහ එම දඬුවම් කොතරම් කුරිරුද යන්නට මේ කතාව ම හොඳම උදාහරණයක් බවයි අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button