දේශීය

ඥාණසාර චීවරධාරීතැනව බන්ධනාගාර රෝහලේ උපස්ථාන කටයුතුවලට

සිර දඬුවමට ලක්ව සිටින ගලගොඩඅත්තේ ඥාණසාර චීවරධාරියා වැලිකඩ බන්ධනාගාර රෝහලේ උපස්ථාන කටයුතුවලට යොමු කර ඇතැයි නෙත් නිවුස් වෙබ් අඩවිය වාර්තා කර තිබුනා.

ඔහු ඊයේ(10) දිනය වන තෙක් වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලැබූ බවත්, ඒ වකුගඩු රෝගී තත්වයක් හේතුවෙන් බවත් එහි සඳහන් වුනා.

කෙසේවෙතත් රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරිණිය ඊයේ තීරණය කර ඇත්තේ ඥාණසාර චීවරධාරීතැනගේ සෞඛ්‍ය තත්වය යහපත් බවත්. ඒ අනුව ඔහු යළි වැලිකඩ බන්ධනාගාරයට යොමු කිරීමටත් තීරණය කර තිබූ බවත් එම වෙබ් අඩවිය වැඩි දුරටත් සඳහන් කර තිබුනා.

එහෙත් එහිදී දඬුවමට අදාළව තමන්ට පැවරුණු බන්ධනාගාර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඥාණසාර චීවරධාරීතැන විරෝධය පළ කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පැවසූවා යයි නෙත් නිව්ස් වාර්තා කර තිබුනා.

සැලකිය යුතුයි –
කෙසේ වෙතත් භික්ෂු විනය කඩ කරමින්, ජාති ආගම් වාදයට උද ගෙඩි දුන් අශෝභන චීවරධාරියෙකු උසාවියට අපහාස කළා යයි චෝදනාව මත බන්ධනාගාරගත කරනු ලැබුවා. එම නිසා තව දුරටත් උතුම් භික්ෂුවකට ලෙස අප ඔහුට ආමන්ත්‍රණය නොකරන නිසා මෙසේ සටහන් කළෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button