දේශීය

සෙන්ක්ලෙයාර් දිය ඇල්ල රක්ෂිතයේ ගින්නට හේතුව, ගිනි තැබීමක්…? අක්කර 100ක් විනාශයි

තලවකැලේ සෙන්ක්ලෙයාර් දිය ඇල්ල ඉලුක් සහිත රක්ෂිතයේ ඊයේ (10) දහවල් හට ගත් ගින්නකින් අක්කර 100 පමණ ගිනිගෙන විනාශ වි ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය.

සෙන්ක්ලෙයාර් දිය ඇල්ල ආසන්නයෙන් හට ගත් ගින්න හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගය දක්වා පැතිර යාම හේතුවෙන් තලවකැලේ ලිදුල නගර සභාවේ සේවකයන් විසින් පැතිර යමින් තිබු ගින්න පාලනය කිරිමට සමත්විය.

රක්ෂිතයේ හටගත් ගින්න ප්‍රධාන මාර්ගය අභියස තිබු වියළි ගිය මැයි මාර ගසකට ගිනි ඇවිලිම නිසා එම ගස ප්‍රධාන මාර්ගයට කඩා වැටිමේ අවධානමක් තිබු බැවින් එය එම ස්ථානයෙන් කඩා ඉවත් කිරිමට නගර සභා සේවකයින් කටයුතු කලහ.

මධ්‍යම කදුකරයේ මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව තලවකැලේ පොලිසිය සැකකරයි.

මේ අතර ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් කොටගල රොසිටා ගොවිපොලේ තෘණ බිමකද ඊයේ දහවල් ගින්නනක් හටගෙන තිබේ.

එම ගින්නෙන්ද අක්කර 10 වඩා තෘණබිමේ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බවයි එම ගොවිපොලේ නිලධාරියෙකු පවසා සිටියේ.

මෙවැනි රක්ෂිතවලට ගිනි තබන අය පිලිබදව තොරතුරු වෙතොත් ළගම ඇති පොලිස් ස්ථාන වෙත දැනුම් දෙන ලෙස පරිසර සංවිධාන මහජනතාවගෙන් ඉල්ලා සිටියි.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button